මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව දිගින් දිගටම පොලිස්පතිවරයා දැනුවත් කර තිබූ පසුබිමක ඒ පිළිබඳ එක් සාකච්ඡාවක් හෝ පැවැත්වූයේ නම් පාස්කු ප්‍රහාරය වලක්වාගැනීමට ඉඩකඩක තිබූ බව, එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා අද (11) පිළිගෙන තිබේ.
ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මලාව එල්ල වු අවස්ථාවේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි නන්දන මුණසිංහ මහතා අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.
කොමිසම නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මුණසිංහ මහතා පැවසුවේ, ජාතික තවුහිද් ජමාත් සංවිධානය ප්‍රහාරක් සිදුකිරීමට නියමිත බවට ප්‍රහාරය එල්ල වීමට ආසන්න දිනක අතිශය රහසිගත තොරතුරක් තමන්ට පොලිස්පති කාර්යාලයෙන් ලැබී තිබු බවය.
අදාළ ලිපිය ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා විසින් එවක පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතාට යොමුකරන ලද්දක් වන එම ලිපියට පදනම වී තිබුනේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා විසින් සපයා තිබු තොරතුරක් බව නන්දන මුණසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ජාතික බුද්ධි ප්‍රධානියා විසින් එවන ලද ලිපියේ Top Secret and Top Priority සටහන යොදා තිබුණි.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි නන්දන මුණසිංහ මහතා ප්‍රකාශ කළේ, පොලිස්පතිවරයා විසින් For Necessary Action යනුවෙන් ද සටහන් කර තිබු එම ලිපියේ පිටපත් එවක අපරාධ සහ පොලිස් විශේෂ කාර්යය බලකාය භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට, විශේෂ ආරක්ෂක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතාට සහ එවක ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාට යොමුකර තිබු බවය.
පොලිස්පතිවරයා අත්සන් කළ මුල් පිටපත ඔබට ලැබි තිබියදි ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට පුජිත් ජයසුන්දර මහතා සම්බන්ධ කර ගත්තේ ද යන්න එහිදි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
එයට පිළිතුරු දෙමින් මුණසිංහ මහතා කියා සිටියේ එල්.ටී.ටී ත්‍රස්තවාදින්ට පවා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට වසර 10ක් ගතවු බව තමන් අත්දැකීමෙන් දැන සිටි බැවින් මෙම කාලය තුළ මෙවැනි සංවිධානයක් ශක්තිමත්ව නැගි ඒමක් වාර්තා වී නොතිබුණ බැවින් තොරතුරේ විය හැකිභාවය පිළිබදව තමන්ට සැක පහළ වු බවය.
එබැවින් තමන් එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතාගෙන් මෙම ලිපිය පිළිබඳ වැඩිදුර විමසීමක් සිදු නොකළ අතර ඔහුද තමාගෙන් ලිපිය ලැබුනේද යන්න ගැන පවා විමසීමක් නොකළ බව මුණසිංහ මහතා සඳහන් කළේය.
එහිදි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ එම ලිපියේ අන්තර්ගත වුයේ බුද්ධි තොරතුරුක් බව සාක්ෂිකරු පැහැදිලිව දැන සිටි බැවින් ඒ පිළිබඳව ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් හෝ විමසීමක් කළේද යන්නය.
පිළිතුරු දෙමින් මුණසිංහ මහතා කියා සිටියේ තමන් ජාතික බුද්ධි ප්‍රධානියාව ඇමතිමක් සිදු නොකළ අතර ලිපිය ලැබි දින දෙකකට පසු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන අමතා ඒ පිළිබඳ විමසීමක් කළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ මෙම ලිපිය ලැබීමට පෙර මෙරට තුළ මුස්ලීම් අන්තවාදි ක්‍රියා වර්ධනය වන බවට තොරතුරු ලැබි තිබුනේද යන්නය.
එයට පිළිතුරු දෙමින් මුණසිංහ මහතා සඳහන් කළේ මෙවැනි අන්තවාදයක් පිළිබඳව තමන් නොදැන සිටි බවය.
එහිදි ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ 2019 ජනවාරි මස 16 වන දින වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සහ එයට මුස්ලිම් ජාතිකයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව දැන සිටියේද යන්නය.
තමන් ඒ පිළිබදව දැන සිටියද එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන පිළිබඳ තොරතුරු සහ ත්‍රස්තවාදින් කණ්ඩායමක් ලෙස සංවිධානය වී තිබු බවට තොරතුරු ඔවුන් විසින් තමන් දැනුවත් කර නොතිබු බැවින් මෙවැනි ප්‍රහාරයක් විමේ හැකියාව පිළිබඳව විශ්වාස නොකළ බවද සාක්ෂිකරු වැඩිදුරත් කියා සිටියේය.
මෙහිදි ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ එවක පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දර විසින් එවන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් වූ රහසිගත තොරතුරු සහිත මුල් ලිපිය මේ වන විට සාක්ෂි සන්තකයේ පවතින්නේ ද යන්නය.
එම ප්‍රශ්නයට නැත යනුවෙන් පිළිතුරු දුන් මුණසිංහ මහතා එය පසුගිය වසරේ ජුනි මස 10වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ජනාධිපති කොමිසම හමුවේ පැවසුවේය.
අදාළ ලිපිය ප්‍රහාරය සිදුවී දෙමසක් ගතවනතුරුත් ගොනුගත නොකර සාක්ෂිකරු පෞද්ගලිකව තමන් සන්තකයේ තබාගත්තේ මන්ද යන්නයි එහිදි ජනාධිපති කොමිසම පෙරළා ප්‍රශ්න කළේය.
එහිදී මුණසිංහ මහතා කියා සිටියේ අවශ්‍යනම් ලිපි ළග තබාගන්නත්, නැත්නම් එය විනාශ කරන්ටත් තමන්ට අභිමතයක් ඇති බවය.
කෙසේ වෙතත් එම ප්‍රකාශය ජනාධිපති කොමිසමේ අප්‍රසාදය ට හේතු වු අතර කොමිසම සාක්ෂිකරුට අවධාරණය කර සිටියේ සෑම ලිපියක් ගැනම සටහනක් යොදා ගොනුගත කර වසර 05ක් වත් ළග තබා ගැනීම නීතිමය කරුණක් බවය.
මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ පූජිත ජයසුන්දර මහතා විසින් එවන ලද ලිපියේ කරුණු පිළිබඳව ප්‍රහාරයට පෙර පොලිස්පතිවරයා සහා ඉහළ නිලධාරීන් අතර කිසියම් සාකච්ඡාවක් සිදුවුණේද යන්නය.
ඊට ප්‍රතිචාර දක්වමින් සාක්ෂිකරු සඳහන් කළේ එවැනි කිසිඳු සාකච්ඡාවක් සිදු නොවූ බවය.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවට මාධ්‍ය ඔස්සේ අනාවරණ වූ කරුණු අනුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක විසින් මෙම මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව දිගින් දිගටම පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් එකඳු සාකච්ඡාවක් හෝ පැවැත්වූයේ නම් පාස්කු ප්‍රහාරය තුළින් වූ විනාශය වලක්වාගැනීමට පැහැදිලි ඉඩකඩක් තිබූ බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය.
මේ අතර මොහොමඩ් ඊබ්‍රාහීම් ඉල්හාම් මොහොමඩ්ට අයත් මාතලේ හතමුණ ගාල ප්‍රදේශයේ අක්කර 25 මෙම කෘෂි ඉඩමෙහි ප්‍රදේශවාසීන් විසින් ගම්මිරිස් නෙලීමට ගොස් ඇති බවට පසුගිය දින කිහිපයේදී ප්‍රාදේශීය ලේකම්වරියට පැමිණිලි ලැබී තිබේ.
මෙම ඉඩම පිළිබඳ තොරතුරු පසුගිය අප්‍රේල් මස තිස්වැනිදා පොලිසිය හා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...