දේශීය පුවත්

ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයෑම වහාම විසඳිය යුතු ගැටළුවක් බවත්, මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය මහතා පවසයි.

අවපාතය ජය ගැනීමට සාම්ප්‍රාදයික චින්තනයෙන් හා වැඩ රටාවෙන් බැහැරව නොබියව තීරණ ගන්නා බව ද ජනාධිපතිවරයා කියා සිටියි.

රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.

අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

එසේම ඉතා කුඩා පරාසයක ඇති අපනයන ක්ෂේත්‍රය අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කොට පුළුල් පරාසයකට රැගෙන ගොස් ප්‍රතිඵල පෙන්වීම අපනයකරුවන් ඉදිරියේ ඇති අභියෝගය බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More