දේශීය පුවත්

“අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම” යැයි සඳහන් කළ ලිපියක් ඊයේ (11) අරලියගහ මන්දිරයට යොමු කර තිබෙනවා.

ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එම ලිපිය අග්‍රාමාත්‍යවරයා අතටම ගෙනැවිත් භාර දී තිබෙන බවයි සඳහන්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ වෙසෙන අසූ හය හැවිරිදි වියේ පසුවන එස්. බී. හේවාහැට නම් හිටපු ගම්සභා සභිකයෙක් විසින් මෙම ලිපිය අග්‍රාමාත්‍යවරයාට පළකර තිබෙන බවයි සඳහන්.

එහි වූයේ ලිපියක් සහ රුපියල් 5000ක නෝට්ටුවකි.

මට ඇවිදින්නට බැරිය. රෝගීව ඇදේ සිට ලියමි. උදා වී ඇති භයානක අවස්ථාවේදී රටේ ආර්ථිකය බිඳ වැටී තිබියදි ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමය මවිතයට කරුණකි. කෙසේ වෙතත් කොරෝනා අරමුදලට මේ මස රුපියල් 5000 බැර කර මා ද එම පිංකමට සහභාගි කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි.” යනුවෙන් එම ලිපියේ සඳහන්ව තිබෙනවා.

ලිපිය කියැවූ අග්‍රාමාත්‍යවරයා ලෙඩ ඇඳේ සිට පවා රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට මැදිහත්වීම අගය කරමින් හේවාහැට මහතා අතින්ම මෙම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇති බවයි සඳහන්.

එම අවස්ථාවේදීම අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා කැඳවූ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදී ඇති දින හේවාහැට මහතාට, ඒ මහතා අතින්ම මෙම මුදල ජනාධිපතිවරයා අතට පත්කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.

එම ලිපියට පිළිතුරු යොමු කරන මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ලියා ඇත.

දයාබර එස් බී හේවාහැට මහතා වෙතටයි,

ඔබ ශ්‍රී ලාංකීය අභිමානවත් පුරවැසියකු ලෙස මා කරනා සේවය අගය කිරීම පිළිබඳව මා ඔබට බෙහෙවින් ස්තුති වන්ත වන අතරම, රට තුල පවතින COVID -19 ව්‍යවසනයෙන් රට මුදවා ගැනීමට ගොඩ නගා ඇති “ඉටුකම“ අරමුදලට ඔබ කල අමිල පරිත්‍යාගය මා පළමුව කෘතඥය පුර්වක සිහි කරමි.

රටේ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත හා සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීම අපගේ පරම යුතුකම හා එකම අභිලාෂය වන අතර ඔබ ද යහපත් පුරවැසියකු ලෙස මෙලෙස අනාගත පරපුර ගැන සිතීමද අපට මහත් අභිමානයකි.

අප සැම එකමුතුව අභිමානවත් දේශයක් ගොඩනගමු. ඔබට තෙරුවන් සරණයි!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More