මෙවර මහ මැතිවරණයේ දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්ක සඳහා මුද්‍රණය කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලය පවසයි.
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ දිගම ඡන්ද පත්‍රිකාව අඟල් 23ක දිගකින් යුක්ත වන බවය.
අඟල් 09ක් වන පළලින් වැඩිම ඡන්ද පත්‍රිකාව කොළඹ, වන්නි, මඩකළපුව සහ දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මුද්‍රණය කෙරෙන බවද ඇය පැවසුවාය.
එක් එක් දිස්ත්‍රික්කය සඳහා තරඟ කරන දේශපාලන පක්ෂ සංඛ්‍යාව, ස්වාධින කණ්ඩායම් සංඛ්‍යාව සහ අපේක්ෂකයන් සංඛ්‍යාව මත ඡන්ද පත්‍රිකාවේ දිග හා පළල වෙනස් විම සිදුවන බව ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය.
මෙවර මහ මැතිවරණය සඳහා මිලියන 17කට ආසන්න ඡන්ද පත්‍රිකා මුද්‍රණය රජයේ මුද්‍රණාලය විසින් පසුගිය දා ආරම්භ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...