දේශීය පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

කැබිනට් මණ්ඩල නිර්දේශ අනුව එම කටයුතු වහාම ආරම්භ කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

රාජ්‍ය බැංකු ප්‍රධානීන්, සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඊයේ (10) කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ආමත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී  ඇමතිවරයා මේ උපදෙස් ලබාදී තිබේ.

රාජ්‍ය බැංකු ප්‍රධානීන් මෙහිදී කියා සිටියේ කැබිනට් මණ්ඩල අනුමැතිය මුදල් අමාත්‍යංශය හරහා තමන්ට ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවය.

ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරිය හරහා මාර්ගෝපදේශකයන් සහ සංචාරක රථ රියදුරන්ට ලබා දෙන දීමනාව ගෙවීමට අදාළ කටයුතු සිදු කිරීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.

මේ අතර කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන කැබිනට් පත්‍රිකාව ඊයේ (10) අනුමත විය.

අදාළ කැබිනට් පත්‍රිකාව අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් , වාසස්ථාන , ගමනාන්ත කළමණාකරණ සමාගම් , මාර්ගෝපදේශකයන් රියදුරන්ට සහන හිමිවේ.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදු වූ බලපෑම අවම කරමින් සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන හා පුද්ගලයන් වෙත සහන සැලසේ.

එම සහන මෙසේය.

  • සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක හෝටල් අංශය, ගමනාන්ත කළමනාකරණ සමාගම්/සංචාරක නියෝජිතයින්ගේ කාර්යමණ්ඩලවල සේවකයින්ට මාස 06ක කාලයක් සඳහා මසකට රුපියල් 20,000/- බැගින් වැටුප් ගෙවීම පිණිස 4%ක සහන පොළීයක් යටතේ වසර 2ක සහන කාලයක් සහිතව වසර 05ක කාලසීමාවක් තුළ ආපසු ගෙවිමේ පදනම මත ණය පහසුකම් සලසා දීම.
  • සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති අවන්හල්, ආහාර ගැනීමේ ස්ථාන, සම්බාහන සහ සුවතා මධ්‍යස්ථාන ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් ආයතනවල සේවය කරන එක් පුද්ගලයෙකුට මාසයකට රුපියල් 15,000/- බැගින් මාස 06ක කාලයක් සඳහා වැටුප් ගෙවීම පිණිස ණය පහසුකම් සලසා දීම.
  • සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක මග පෙන්වන්නන් එක් අයෙකුට එක් වරක් පමණක් ගෙවනු ලබන මුදලක් ලෙස රුපියල් 20,000/-ක දීමනාවක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගෙවීම.
  • සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක රියදුරන් එක් අයෙකුට එක් වරක් පමණක් ගෙවනු ලබන මුදලක් ලෙස රුපියල් 15,000/-ක දීමනාවක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගෙවීම.
  • 2020 මාර්තු මස 01 දින සිට අගෝස්තු 31 දින දක්වා ගෙවිය යුතු විදුලි හා ජල බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 දින සිට සමාන වාරික 12කින් ගෙවීමට පහසුකම් සලසා දීම හා එම කාලසීමාව තුළ විදුලි හෝ ජල සැපයුම් විසන්ධි නොකිරීම.
  • සංචාරක කර්මාන්තය ආශ්‍රිත වාහන කල් බදු ගෙවීම සඳහා ලබා දී ඇති මාස 06ක සහන කාලසීමාව ප්‍රමාද ගාස්තු අයකිරීමකින් තොරව මාස 12ක් දක්වා දීර්ඝ කිරීම.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More