දේශීය පුවත්

සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාව මිරිහානේදී පහරදී ඝාතනය කර තිබේ.

පොලිසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවය.

ත්‍රීරෝද රථ රියැදුරෙකුට අයත් ත්‍රීරෝද රථයක් වාරික නොගෙවා ඇතැයි කියන සිද්ධියකට ලීසිං සමාගමක් විසින් රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ විමසීමට එම පුද්ගලයා සුනිල් ජයවර්ධන සහ තවත් අයෙකු අදාළ ලීසිං සමාගමේ කාර්යාලය වෙත ඊයේ (10) පස්වරුවේ ගොස් ඇති අතර එහිදී කිසියම් බහින් බස්විමක් සිදුවී ඇත.

මෙහිදී සුනිල් ජයවර්ධන මහතාට කිසියම් අයෙකු පොල්ලකින් පහර දී ඇති අතර තුවාල ලැබූ ඔහු කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

බරපතල තුවාල ලබා සිටි 53 හැවිරිදි ඔහු එහිදී මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

පහර දීමෙන් ජිවිතක්ෂයට පත්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා එම කල්බදු ආයතනයේ නිලධාරින් සමග සිදුකළ සාකච්ජා කරමින් සිටියදී ගනු ලැබූ වීඩියෝවක් මේ වනවිට මාධ්‍ය වෙත ලැබී තිබේ.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ ඉල්ලීමක් කරන ඒ මහතා සදහන් කරන්නේ කල් බදු ආයතන මැරයන් යොදා වාහන පැහැරගැනීම සිදු කිරීම නවත්වන ලෙසයි.

ලිසිං සමාගම් වල වාහන උස්සන මැරයන් දැන් ගෙවල් වලට එන්න පටන් අරගෙන

ලිසිං සමාගම් වල වාහන උස්සන මැරයන් දැන් ගෙවල් වලට එන්න පටන් අරගෙන Like us – YouJudgeWhatsApp Group : https://bit.ly/2JzCBTr

Gepostet von YouJudge am Dienstag, 21. April 2020



One thought on “‘සීසර්ලා‘ කළ පහරදීමකින් ත්‍රිරෝද සංගම් සභාපති මරුට – ඝාතනය වන්නට මොහොතකට පෙර සුනිල් කළ ‘ලීසිං පාතාල’ හෙළිදරව්ව මෙන්න (Video)”

  1. Ask thembto come and sit,then hit one shot to death. In side your property, its a respectable killing according to the law.
    There are no any law to rob the vehicle as srilankan law. Dont give the shit to the siezer and finance company.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More