දේශීය පුවත්

බරපතළ අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඩුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ දූපතක ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කොළඹ දී ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, දැනට මඩකලපුවේ ළාඳුරු රෝගීන් සඳහා වෙන්කර තිබු මෙම දූපතේ දැනට සිටින්නේ රෝගීන් දෙදෙනෙකු බවයි.

මේ වන විට ඔවුන් ද සුවය ලබමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශවලින් මේ වන විට එම දුපත බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන බරපතළ අපරාධකරුවන් හා මරණ දණ්ඩනයට නියම වු අපරාධකරුවන් එහි ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව අවධානය යොමුව ඇතැයි ද පැවසීය.

මේ සඳහා කෙටි කාලයක් ගත වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More