දේශීය පුවත්

දේශීය වෛද්‍ය ක්‍රමයට ප්‍රමුඛත්වය දීමට රජය සූදානම් නොමැති නම් දේශීය වෛද්‍ය උපාධි ලබාදෙන විශ්වවිද්‍යාල සහ සියලුම ආයුර්වේද රෝහල් වසා දැමිය යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි පැවසීය.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් තිබුණද එමගින් ඇමැතිවරිය සහ නියෝජ්‍ය ඇමැතිවරිය සැප විඳිනවා මිස ඉන් රටට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවය. දේශපාලන වේදිකාවලදී දේශීය වෛද්‍ය ක්‍රමය පෝෂණය කිරීමට කටයුතු කරනවා යැයි ප්‍රකාශ කළද එය තවමත් කිසිදු රජයක් ක්‍රියාවට නංවා නොමැති බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නිමල් කරුණාසිරි මෙසේද කීය.

‘‘රටේ සෞඛ්‍ය අර්බුදයක් ආවාම ඊට නිල බලයෙන් අපිට මැදිහත් වීමට බැරි නම් රටේ ජනතාව​ගේ බදු මුදල්වලින් තරුණ කණ්ඩායම් අධ්‍යාපනය ලැබීම තේරුමක් නැහැ. රජය කියනවා අපි බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය තරම් කුසලතා පෙන්නලා නැහැ කියලා. එහෙම පෙන්වන්න අවශ්‍ය සම්පත් අපට දීලා නැහැ.

මෙවැනි තත්ත්වයක් තුළ තමයි මේ කොරෝනා ප්‍රශ්නයේදී දේශීය වෛද්‍යවරු පැත්තට දාලා තිබුණේ. අපි කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පරිපාලනය ආයුර්වේද වෛද්‍යවරයෙක් අතට පත් කරන්න ඕනෑ මේක තවදුරටත් ඉස්සරහට ගන්න අවශ්‍ය නම්. තවමත් බටහිර වෛද්‍ය ක්‍රමයට මුල්තැන දෙමින් සුද්දාට කඩේ යනවා. මේක ඉතාම කනගාටුවට කාරණාවක්.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More