දේශීය පුවත්

සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස්වලට ගරු කරමින් පුළුවන් තරම් ඉක්මනින් මේ මැතිවරණය පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ (10 වැනිදා) වැල්ලවායේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් සඳහා වූ හමුවකදී පැවැසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

‘‘ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීව හූල්ගේ හැසිරීම ගැනත් කියන්න ඕනෑ. ඔහුගේ තොරතුරු ඉස්සරලම අනාවරණය කළේ මම. යාපනයේ ඔහු ගිහින් කරපු ප්‍රකාශ වගේම මුලින්ම ඡන්දය තියන්න ඕනෑ නෑ කිව්වෙත් ඔහු. මැතිවරණ කොමිසම තියෙන්නෙ ඡන්ද තියන්න මිස කල් දාන්න නෙමෙයි. ඔහු ඉතාම පක්ෂග්‍රාහී ලෙස දෙමළ ජාතික සන්ධානයට යාපනයේදී සහයෝගය දෙනවා.

ඔහුට විරුද්ධව විශාල චෝදනා රාශියක් අනාවරණය වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව පටන් ගත්ත වහාම මේ ගැන තීන්දුවක් ගන්න.

කොමිෂන් සභාවක සාමාජිකයෙක් ඉවත් කරන්න වැඩපිළිවෙළ අපි සකස් කරනවා. එය ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම රටේ හමුදාපතිව පිළිගන්න බැරිනම්, පොලිස්පතිව පිළිගන්න බැරිනම් ඔහු මේ රටේ කෙනෙක් නෙමෙයි. එහෙම කෙනෙක් මේ රට බෙදන්න කටයුතු කරන කෙනෙක් විදිහටයි මම දකින්නේ.

ඇතැම් අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් අභියෝගයක් වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට පහරදීම් දිගටම සිද්ධ වෙනවා.

මේ පුද්ගලවාද සහ පක්ෂයක ප්‍රතිපත්ති පිළිබඳව කතා කරන්න වෙලාවක් නෙමෙයි. දැන් ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදෙනවා. ඇතැම් පිරිස් බෙදීම් ඇතිකරන්න කටයුතු කළත් අපි ඒ ගැන වැඩි අවධානයක් යොදවන්නේ නෑ. අපි යන ගමන එකට යා යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන්න හරි වැඩපිළිවෙළක් සකස් වුණේ නෑ. ඒ නිසානේ කාදිනල්තුමා වගේ අය කිව්වේ මේ සම්බන්ධයෙන් ඇත්තක් හරියට එළිවුණේ නෑ කියලා. මේ කොමිෂන් සභා පිහිටුවනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා. දැන් ඒවා සාක්ෂි විමසමින් ශක්තිමත්ව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් ඒ සිදුවුණු දේවල් අනාවරණය වෙමින් තියෙනවා. දැන් ඒවා අනාවරණය වෙනකොට එයාලගේ පැටිකිරිය එළිවෙනකොට එ් අයට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ පරීක්ෂණ නිවැරදිව යනවා. කොමිෂන් සභාවේ තීරණයෙන් පස්සේ වැරදි කරපු පුද්ගලයන් හට තීන්දුවක් ගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැනත් මතක් කරන්න ඕන. අපේ පක්ෂය කවදාවත් දිය වෙලා නෑ. පක්ෂය ඒ විදියටම තියෙනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එක්දහස් හැටහතරක් ඉන්නවා. කොට්ඨාස සංවිධායකවරු පන්දහස් විසිපහක් අපිත් එක්ක ඉන්නවා. ග්‍රාමීය වශයෙන් තවමත් ශක්තිමත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියනවා. ශ්‍රී ලංකාකාරයෝ නැත්නම් පොදුජන පෙරමුණක් අද නෑ. අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාමාර්ග අනුව මේ පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාදාමය අනුව තමයි පක්ෂයේ ඉදිරියට යන එක තීරණය වෙන්නේ. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා ශක්තිමත් ආණ්ඩුවක් හදන්න. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More