දේශීය පුවත්

ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් ජාතිකයන්ට  ලංකාවට පැමිණීමට විශේෂ අවසරයක් ලබා දී ඇත්තේ මුදල් ලබා  ගැනීමේ පරමාර්ථයෙන්ද යන්න තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව පූජ්‍ය බුදුගල ජිනවංස හිමියෝ පවසති.

මාධ්‍ය නිවේදනයක් නිකුත්හෙ කරමින්  බොදු සවිය සංවිධානය මේ බව අවධාරණය කර ඇත.

වත්මන් ආණ්ඩුවට රට විරුවන්ට වඩා බෝරා මුස්ලිම්වරුන් වටින්නේ මුදල් නිසාද ?

පසුගිය කාලයේ සිසෙස් රාජ්‍යයෙන් පිරිසක් මෙරටට පැමිණියේය. අද වනවිට ඉන්දියන් බෝරා මුස්ලිම්වරුන් ද  පිරිසක් ලංකාවට පැමිණීමට අවසර ලබා දුන් බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ජනමාධ්‍යට පවසා ඇත. එසේ පැමිණි පිරිසට විශේෂ අමුත්තන් සදහා ලබාදෙන පිළිගැනිම ලබාදිමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.

වත්මන් ආණ්ඩුව දේශියත්වයට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව පවසමින්, සිංහල බෞද්ධකම වඩාත් උද්ධීපනය කළ දේශපාලන ව්‍යාපාරයකි. එවැනි ආණ්ඩුවකින් බලාපොරොත්තු විය නොහැකි දේ දැන් සිදු වෙමින් ඇත. ලෝකයට ප්‍රශ්නයක්ව  පවතින කොරෝනා වෛරසය පාලනය කිරීමට යැයි කියා ශ්‍රි ලාංකිය විදේශිය ජනතාවට ලංකාවට ඇතුල් වීමට අවසර ලබාදිම සීමා කර ඇත. පසුගිය කාලයේ සීසර් රාජ්‍ය වැසියන් ද, එලබෙන 21 වන දින දැනට ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් ජාතිකයන් ද ලංකාවට පැමිණීමට විශේෂ අවසරයක් ලබා දී ඇත්තේ මුදල් ලබා  ගැනීමේ පරමාර්ථයෙන්ද ?

ඒ අතරතුර දැනට විදේශගත ජිවත් වන අප රටවිරුවන් විශාල පිරිසක් ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇත. ඒ අතර ගර්භණි මව්වරුන් ද සිටියි. එම මව්වරුන් සමාජ මාධ්‍ය ඉදිරියට පැමිණ තම දුක නිරන්තරයෙන් කියනු ඇසේ. මැදපෙරදිග ඇතුළු රටවල් බොහොමයක ජීවත්  වන ලාංකීය ජනතාව තම වියදමෙන් ගුවන් බලපත්‍ර ලබා ගන්නා බවත් නිරෝධායනයට යොමුවන බව රජයට දැනුම් දී ඇත.

අද වන විට ලංකාවේ කොරොනා රෝගීන් විශාල වශයෙන් සුවවීම ද නිරෝධාන මධ්‍යස්ථානවල සිටින පිරිස්  නිවෙස්වලට ගොස් ඇති බව ආණ්ඩුවේ ජනමාධ්‍ය මගින් නිරත්තරයෙන් කියා සිටි. මේ වනවිට මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සකස් කරමින් ඇත. ඒ වත්මන් ආණ්ඩුවේ ජනමතය ඉතා ශීඝ්‍රයෙන් දුර්වල වන නිසාද? එවැනි අවස්ථාවක බෝරා මුස්ලිම්වරුන්ට හා සීසේස් රාජ්‍ය වැසියන්ට ලබා දුන් ප්‍රමුඛතාවය  දැනට විදේශ ගතව   සිටින රටවිරුවන්ට ලබා දෙන ලෙසත්, ඔවුන් ශ්‍රි ලංකා ආර්ථිකයට වැඩිම විදේශ විනිමය ලබා දෙන පිරිසක් බව ආණ්ඩුව තේරුම්ගත යුතුව ඇත.

එබැවින් ඔවුන් අවතක්සේරුවට පත් නොකල යුතු අතර ගරු ජනාධිපතිතුමා ඇතුඵ වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රටවිරුවන් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම ඉතා කඩිනමින් ඉටු කරන ලෙසය.

බුදුගල ජිනවංස හිමි
සභාපති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More