දේශීය පුවත්

මෙවර මහ මැතිවරණයේදී තමාට ඡුන්දය නොදෙන ලෙස ඉල්ලූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් හෝ ලබා දිය යුතු බවට යෝජනා වී ඇතැයි එජාපයේ ඉහළ පෙළේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට කීය.

සමගි ජන බලවේගයේ පවතින පරස්පර මතවාද හේතුවෙන් මංගල සමරවීර මහතා මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන්නට ඇති බවටත්, එබැවින් ඔහු නැවතත් එක්සත් ජාතික පක්‍ෂය සමග සම්බන්ධ කර ගත යුතු බවටත් මේ වන විට යෝජනා රැුසක් ලැබී ඇතැයි ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

මංගල සමරවීර මහතාගේ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය තවමත් අහෝසි කර නොමැති අතර හෙතෙම එජාපය සමග සෘජුවම සම්බන්ධ නොවුණහොත් ඉදිරියේදී ඔහු ගන්නා දේශපාලන කි‍්‍රයාකාරකම් සඳහා එජාපයේ සහයෝගය ලබා දිය යුතු බවට ද මේ වන විට අදහස් ලැබී තිබෙන බවද ඉහත ප‍්‍රකාශකයා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More