ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී ඇත.
රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කරණු පිණිස අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී ඇත.
සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
පසුගිය වසර 05 අවසානයේ ආයතනය භාර ගන්නා විට පැවති සහ වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා ඉදිරිවසරේදී ළඟා කරගත යුතු ඉලක්ක මේ වසරේ දී සැලසුම් කළ යුතු බව ප්‍රකාශ කර ඇත.
රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයේ නව ඉදිකිරීම් අවස්ථා අත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා පෞද්ගලික අංශය සමඟ තරග කළ හැකි අන්දමින් ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය වර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.
රාජ්‍ය ආයතනවලින් සංස්ථාවට අය විය යුතු මුදල් නිසි පරිදි නොලැබීම නිසා මතුව ඇති ගැටළුව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුව ඇති අතර ඒ පිළිබඳව සොයා බලා මුදල් අය කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...