පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් විසින් ප්‍රහාරයට පෙර දින මධ්‍යම රාත්‍රීයේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි සිය නිවසට පැමිණ ප්‍රහාරය සිදුකිරිමට හේතු දැක්වෙන පටිගත කළ හඬපටයක් පිළිබඳව පළමුවරට කරුණු අනාවරණය විය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ, ඉල්හාම් විසින් පටිගත කරනු ලැබු එම හඬපට “පෙන්ඩ්‍රයිව්“ එකක දමා සිය බිරිඳට ලබා දී දෙමව්පියන්ට ඇසීමට සලස්වන ලෙස දැනුම් දී ප්‍රහාරය සඳහා නිවසේ සිට පිටත්ව ගොස් ඇති බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂක දුනේෂ් මලිත අයගමගේ මහතා ඊයේ (09) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
එහිදී උපපොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ, ෂැංග්‍රිලා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් දෙමටගොඩ නිවසට පැමිණ හඬපට දෙකක් පටිගත කර ඇති බවට තොරතුරු අනාවරණය කරගත් බවය.
ඉන් එක් හඬ පටයක් 20 වැනිදා රාත්‍රියේ 11.48ටත් අනෙක් හඩපටය අලුයම 12.03ටත් පටිගත කර ඇති බවට ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.
එය දමිළ භාෂාවෙන් පටිගත කර ඇති අතර එම හඬ පටය කොමිසම හමුවේ අසන්නට සලස්වා එම හඩපටයේ සිංහල පරිවර්තනයක් උප පොලිස් පරීක්ෂක දුනේෂ් මලිත අයගමගේ මහතා විසින් කොමිසමට ඉදිපත් කරනු ලැබුවේය.
එහි සඳහන් වන්නේ ‘‘මාගේ අම්මාට, තාත්තාට, සහෝදර, සහෝදරියන්ට ලබා දෙන පණිවිඩයයක්“ ලෙසය.
එමෙන්ම “හදිසියෙන්ම වෙලාවක් නැතිව මෙම පණිවිඩය ලබා දෙන බවත් මේ සමඟ බොහෝ දේ කථාකරන්න ඇතත් ඊට අවස්ථාවක් නොලැබුණු බවත්“ එම හඬපටයේ සටහන්ව ඇත.
එසේම පියාගේ ආගම ඇදහීමේ ක්‍රියාවලින් අන්‍යාගමිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, හාමුදුරුවන්ට ආධාර ලබාදීම , ආදී කටයුතු ගැනද ඔහු එහි සඳහන් කර තිබෙන බව කොමිසම හමුවේ අනාවරණ විය.
මෙම පටිගත කිරීම ඔහුගේ ඥාතීන් අතට පත්වන විට “තමා දෙවියන් ළඟට ගොස් ඇති බවද“ එහි සඳහන්.
මෙය සිය දිවි නසා ගැනීමක් නොවන බවත් තමන් විසින් කරන “දානයක් “ බවත් එහි සඳහන් වේ.
“තමා මෙසේ අන්‍යාගමිකයන් මරාගෙන මැරෙන්නේ, දෙවියන් ගාවට යාමට අවශ්‍ය නිසා“ බවද එම හඬපටයේ සඳහන් වේ.
තමන් සිය සහෝදරයා වන ඉන්ෂාෆ් සමඟ කරන්නේ උසස් ක්‍රියාදාමයකට යාමක් බවත් මේ තුළින් තමන් “නිෆාන් “ යන තත්ත්වයට පත්වන බවද එහි සඳහන් වේ.
අනතුරුව එම හඬපටය ඇතුළත් “පෙන්ඩ්‍රයිව් එක“ සිය බිරිඳ වන ෆාතිමා ජිෆ්‍රිගේ අත මත තබා දෙමව්පියන්ට අසන්නට ලබා දෙන්න යන්න පවසමින් ඉල්හාම් ප්‍රහාරය සඳහා නිවසින් පිටත්ව ගොස් තිබෙන බව උප පොලිස් පරීක්ෂක දුනේෂ් මලිත අයගමගේ මහතා කොමිසම හමුවේ පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...