දේශීය පුවත්

පොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

දීර්ඝ කාලයක සිට වගා කන්න ආරම්භයේ දී පළාත් බොහොමයක පොහොර  ප්‍රශ්නය පැන නගී. කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ඊට පිළියම් සෙවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

රසායනික පොහොර භාවිතය නිසා පසෙහි ස්වභාවය විශාල වෙනසකට ලක්ව තිබේ. වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීහූ අධික  පොහොර භාවිතයට හුරු වි සිටිති. මේ තත්ත්වයෙන් ක්‍රමානුකූලව මිදී කාබනික පොහොර භාවිතයට යොමුවීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

පොහොර සැපයුම හා බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්වය සොයා බැලීමට ඊයේ (09) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ අදහස් පළ කෙරිණි.

යල කන්නයේ වගාව ආරම්භයත් සමග පොහොර පිළිබඳ ගැටළුව නැවතත් පැන නැගී තිබේ. වී සඳහා ඉහළ මිලක් ලැබීම නිසා ගොවීහූ වැඩිපුර වී වගාවට යොමුව සිටිති. කෘෂි ආනයන සීමා කිරීමත්, වතු වගාව සහ එළවළු පළතුරු සහ ධාන්‍ය වගා කෙරෙන බිම් ප්‍රමාණය ඉහළ යාමද පොහොර ප්‍රශ්නයට මුල්වී ඇති බව  නිලධාරීහූ සහ ආණ්ඩුකාරවරු පෙන්වා දුන්හ.

පොහොර භාවිත කළ යුතු ආකාරය පිළිබඳව කෘෂි නිලධාරීන් සහ මාධ්‍ය මගින් ගොවීන් දැනුවත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. උතුරේ ගොවීහූ කාබනික පොහොර භාවිතයට නැඹුරුව සිටිති. ඉන් ලැබෙන අස්වැන්න ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ද ඉහළ බව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය කීවාය.

අතීතයේ මෙන් රටේ සෙසු පළාත්වල ගොවීන්ද කාබනික පොහොර භාවිතයට යොමු කිරීමෙන් ඇතැම් සෞඛ්‍ය ගැටලුවලින් නිදහස් වීමට හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

කාබනික පොහොර නිසි ප්‍රමිතියකින් නිෂ්පාදනයට විශේෂ අවධානය යොමු කරන ලෙසත්, කාබනික පොහොර ඉක්මණින් භාවිත කළ හැකි වගා මොනවාද යන්න සොයා බලන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. කාබනික පොහොර යෙදා ගනිමින් අස්වද්දා ඇති වගාබිම් අත්කරගෙන ඇති ප්‍රගතිය සොයා බැලීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම පිණිස අස්වනු මිලදී ගැනීමේ දී වැඩිමිලක් නියම කිරීමටත් ඒ සඳහා  සහන සැලසීමටත් අවධානය යොමු වී තිබේ.

කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බවද ජනාධිපතිතුමා සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ කාබනික පොහොර බෙදාහැරීම ගැන සොයා බැලීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පළාත් ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහත්වරු ඇතුළු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More