දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගියදා නිකුත් කළ නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශනයේ අයිතිය සීමා කර පුද්ගල නිදහස උල්ලංඝනය කර ඇතැයි යන ප්‍රකාශයට ශ්‍රී ලංකාව නිල වශයෙන් විරෝධය පළ කර තිබේ.

මහ කොමසාරිස්වරිය පසුගිය ජුනි 03 වැනිදා නිකුත් කළ නිවේදනයකින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් කිහිපයකට උක්ත චෝදනාව එල්ල කර තිබිණි. එම ප්‍රකාශයට ශ්‍රී ලංකාව වෙනුවෙන් විරෝධය පළ කර ඇත්තේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස්ය.

එම නිවේදනයෙන් මහ කොමසාරිස්වරිය චෝදනා කර තිබුණේ ශ්‍රී ලංකාවේ වැඩ බලන පොලිස්පතිවරයා නිකුත් කළ විශේෂ නියෝග මාලාවක් මගින් රාජ්‍ය නිලධාරීන් විවේචනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන බවයි.

එම චෝදනාවට පිළිතුරු දෙන වැඩබලන නිත්‍ය නියෝජිතවරිය පවසන්නේ ‘‘හුදෙක් විවේචනයක් හෝ ව්‍යාජ ද්වේෂ සහගත පණිවුඩ හුවමාරු කර ගැනීම පදනම් කර ගනිමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දී නොමැති බවයි. ඇය පවසන්නේ රාජ්‍ය නීතිය හා සාමය කඩාකප්පල් කිරීමේ ක්‍රියාවන්, රාජ්‍ය සේවකයන්ගේ රාජකාරි සාපරාධී ලෙස සීමා කිරීම ආදී ක්‍රියාවන්හිදී පමණක් අදාළ නියෝග ක්‍රියාත්මක කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More