දේශීය පුවත්

මෙරටදී උසස් පෙළ අසමත්ව විදේශයට ගොස් වෛද්‍ය උපාධිය ගත් පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ඉල්ලා ඇත.

මෙම වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි නොකරන ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෛද්‍ය සභාවෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ. මෙම ඉල්ලීමේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, අගමැති මහින්ද රාජපක්ෂට මෙන්ම වෙනත් වගකිවයුත්තන්ට ද එම ක්‍රියාකාරී කමිටුව මගින් යොමුකර ඇත.

විදෙස් වෛද්‍ය උපාධිය ලබන පිරිස් මෙරට වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන ඊ.ආර්.පී.එම්. විභාගය සමත් වීම අනිවාර්ය වෙයි. තාවකාලික ලියාපදිංචිය ඉල්ලා ඇති මෙම පිරිසට මෙරට ඊ.ආර්.පී.එම්. විභාගයට පෙනී සිටීමට ඉඩ නොදීමට එරෙහිව පසුගිය වසරේ අධිකරණයට ගොස් ඇත. එහිදී අධිකරණය වෛද්‍ය සභාවට නියෝග කර ඇත්තේ එම පිරිසට අදාළ විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන ලෙසය. වෛද්‍ය සභාව ඔවුන්ට ඊ.ආර්.පී.එම්. විභාගයට පෙනී සිටීමට ඉඩ දී නැත්තේ ඔවුන් උසස් පෙළ විභාගය අසමත් වීම නිසාය.

විදෙස් වෛද්‍ය උපාධීධාරීහු විසි දෙදෙනෙක් මෙලෙස නඩු පවරා ඊ.ආර්.පී.එම්. විභාගයට පෙනී සිටීමේ අවසරය ලබාගෙන තිබේ.

මෙවර තාවකාලික ලියාපදිංචිය ඉල්ලා ඇත්තේ නඩු තීන්දුවේ අවසරය මත විභාගයට පෙනී සිට සමත් වූවන් බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු කසුන් තාරක ‘අරුණ’ට පැවසීය. නඩු තීන්දුව අනුව විභාගයට පෙනී සිට සමත් වුවත් ඔවුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගත යුතුය යන නියෝගයක් අධිකරණය නිකුත් කර නැති හෙයින් ලියාපදිංචිය නතර කිරීමට වෛද්‍ය සභාවට හැකි බවත් හෙතෙම කීවේය. කෙසේ වෙතත් එම නඩු තීන්දුව අනුව ඉල්ලීමක් කළොත් තාවකාලික ලියාපදිංචිය ලබාදීමට සිදුවන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ සඳහන් කළේය. එම සිසුන් තාවකාලික ලියාපදිංචිය ඉල්ලා තිබේද යන්න තමන් නොදන්නා බවත් කී ඒ මහතා කෙසේ වුව ද මින් ඉදිරියට ඊ. ආර්. පී. එම්. විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන්නේ උසස් පෙළ සම්මාන දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ්‍යයක් සහිතව සමත් අයැදුම්කරුවන්ට පමණක් යැයි ද කීවේය.

තාවකාලික ලියාපදිංචියෙන් පසු වසරක සීමාවාසික පුහුණු කාලය සම්පූර්ණ කරන වෛද්‍යවරුන් වෛද්‍ය සභාව විසින් ලියාපදිංචි කරනු ලබන අතර ඉන්පසු ඔවුන්ට වෛද්‍යවරුන් ලෙස මෙරට සේවය කළ හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More