දේශීය පුවත්

විනයගමුර්ති කරුණා වසර 30කට පෙර සිදුවූ පොලිස් නිලධාරීන් 600 ක් මිලේච්ඡ කොටි ත්‍රස්ථවාදීන් විසින් ඝාතනය කළ ආකාරය විශේෂ කාර්ය බළකායේ හිටපු නිලධාරියකුවූ ජනෙත් විමල සහ ජාත්‍යන්තර අපරාධ නීතිය ගැන දන්නා නීතිවේදී ටෙනී ප‍්‍රනාන්දු හමුවේ මෙයට වසරකට පෙර හෙළිකළේ මෙසේය.

‘‘ආර් පේ‍්‍රමදාස සමයේ සාම සාකච්ඡා බිඳවැටීමත් සමගම ප‍්‍රභාකරන් සියලූම කොටි හමුදා නායකයන් වන්නියට කැඳවූවා. ඔහු පැවසුවේ කොටි කි‍්‍රයාකාරීන් රැසක් රජය අත්අඩංගුවට ගෙන ඇති නිසා නැගෙනහිර පොලිස් භටයන් ප‍්‍රාණඇපකරුවන් ලෙස අල්ලාගෙන අපේ අය නිදහස් කරන තුරු පොලිස් භටයන් නිදහස් නොකළ යුතු බවයි.

පොලිස් භටයන් අල්ලා ගැනීමේ මෙහෙයුම ඔහු කොටි බුද්ධි නායක පොට්ටු අම්මාන් සහ විශේෂ හමුදා නායක නිව්ටන්ට පැවැරුවා. මේ මෙහෙයුමට තවත් කොටි හමුදා නායකයන්වූ නගුලන්, රාම්, ඬේවිඞ් රිගන් ඇතුළු පිරිසක් සම්බන්ධ වුණා. අත්අඩංගුවට ගත් පොලිස් භටයන් වන්නියට ගෙනඑන ලෙස ප‍්‍රභාකරන් විසින් පොට්ටු අම්මාන්ට නියෝග කළා. මේ පොලිස් භටයන්ව වන්නියට ගෙන ඒමට උත්සාහ කරන අවස්ථාවේ හමුදාවෙන් ප‍්‍රහාර එල්ල වුණා. එහිදී ප‍්‍රතිප‍්‍රහාරවලින් හමුදාවේ අටක් සහ කොටි 10 ක් මියගියා. මේ බව ප‍්‍රභාකරන්ට වාර්තා වුණා. ඔහු පොට්ටුඅම්මාන්ට නියෝග කරමින් පොලිස් භටයන් සියලූදෙනා ඝාතනය කරන ලෙස කියා සිටියා. මේ මහා සමූල ඝාතනය ගැන මං දිවුරා සාක්කිදීමට සූදානම්. අවශ්‍යනම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ සාක්‍ෂි දෙන්න මා ලෑස්තියි. මෙය යුද අපරාධයක්”

මෙම සමූල ඝාතනය සිදුවූයේ 1990 ජුනි 11 දායි. කරුණා මේ අබිරහස් හෙළිකළේ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරියකුව ද්‍රවිඩ ජාතික පෝල් නිට්මන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැති සමාන්තර රැස්වීමකදී පොලිස් භටයන් 600 ඝාතනය කළේ කරුණා බවට චෝදනා නැඟීමට පිළිතුරු වශයෙනුයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ඊශ්‍රායල් ශාකාවේ සභාපති වරයාද වන ජනත් විමල පෙන්වා දෙන්නේ වසරකට පෙර යහපාලන සමයේදී මේ බව හෙළිකරත් ඔවුන් ඒ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව පුදුම නොවන නමුත්, ඒ පිළිබඳව වත්මන් රජය සැළකිල්ලක් නොදැක්වීම ගැන පුදුමවන බවයි.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම යසස් ධර්මදාස මහතා පවසා සිටියේ මානව හිමිකම් කවුන්සිලයෙන් එල්ලකර ඇති චෝදනා වලට පිළිතුරු දීමට නිසි ක්‍රමවේදයක් රජයෙන් සැකසීම ප්‍රමාද වන හැම දිනයක්ම ඝාතනයවූ පොලිස් නිලධාරීන්ට යුක්තිය ඉටුවීම ප්‍රමාද වන දිනයක් වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More