මැතිවරණ මැතිවරණ කෙමිිසමේ එක් සාමාජිකයෙක් නිසා රටම ආරාජික වෙලා. මේ මැතිවරණ කොමිසම ද්‍රෝහි වෙන්නේ ආණ්ඩුවට නොවේ රටේ ජනතාවටයැයි හිටපු ඇමැතිවරයෙකු වන විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
බත්තරමුල්ල නෙලුම් මාවතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (9* පැවැති මාධ්‍ය හමුවේදී මේබව පැවසූ එ් මහතා මෙසේද කීය.
‘‘ අද රටේ ප‍්‍රධාන ගැටලූවක් වී තිබෙන්නේ ජනතාවගේ ප‍්‍රජාතත‍්‍රවාදී පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීම ස`දහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලය උල්ලංඝනය වී තිබීමයි. අපේ මැතිවරණ ඉතිහාසයේ මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවන තෙක් සෑම මැතිවරණයක්ම කලට වේලාවට සාධාරණව යම් යම් අඩුපාඩු තිබුණද පැවැත්වීමට හැකිවුණා. ඒ නිසා තමයි 19 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමිෂන් සභාව හැදුවේ. මාධ්‍ය වල නම් පළ වෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම කියලා. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ස්වාධින කියලා ඇතුළත් කරලා නැහැ.
මැතිවරණ කොමිෂන් සභාව තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්න ප‍්‍රමුඛ වගකීම භාරගත් කොමිසම වෙන්නේ. රටේ ජනාධිපති, මහජන නියෝජිතයෝ හා පළාත් පාලන ආයතනවලට මන්තී‍්‍රවරු තෝරා ගැනීම ජනතාවට ලැබුණ පරමාධිපත්‍ය බලයයි. එවක ආණ්ඩුව බහුතරය ආරක්ෂා කර ගැනීමට අන්තවාදී ජාතිවාදී කුඩා දේශපාලන පක්ෂ කාරක සභා අවස්ථාවේදී තීන්දුව පවා උල්ලංඝනය කරලා එයට සංශෝධන කිරීම නිසා ඒ මැතිවරණය අදටත් නැහැ. විපක්ෂයේ සියලූ පක්ෂ විසින් වගකිව යුතුයි ජනතාවට පළාත් සභා ක‍්‍රමය අහිමි කිරීමට සම්බන්ධයෙන්. අද ඒ උදවිය එම මැතිවරණය ගැන වචනයක් කතා කරන්නේ නැහැ.
පසුගිය කාලයේ විපක්ෂයේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ පක්ෂය හා ඔහුට සහය දෙන කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධීකරණයට ගියා. ඒවායේ හරය තමයි මැතිවරණය පවත්වන්න එපා කියන එක. මෙය වෙන්න ඇති ලෝකයේ පළමුවතාව වෙන්නේ. අපි නම් ඉල්ලූවේ මැතිවරණ දෙන්න කියලා. ඇයි විපක්ෂය මැතිවරණ එපා කියන්නේ. පාර්ලිමේන්තු විසුරුවීම නිත්‍යානුකූල නැත්නම් ඇයි නාමයෝජනා භාර දුන්නේ. දින නොමැතිව මැතිවරණය කල් දැමීම නීති විරෝධීයි. ඊළ`ගට තියෙන දිනය කියන්නත් බැහැයි කියනවා.අද විපක්ෂය විසින් මැතිවරණ කොමිසම පාලනය කරනවා.
මහින්ද දේශප‍්‍රිය මහතා ගැන අපගේ විශේෂ ගෞරවයක් තියෙනවා අවංක දක්ෂ නිලධාරියෙක් හැටියට. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පත් කරපු මැතිවරණ කොමිෂමක් වෙනවා. මෙය ගමේ මරණාධාර සමිතිය නොවයි. මැතිවරණ කොමිෂමේ තීරණය යනු බහුතරයේ තීරණයයි. ඉදිරිපත් කළ පෙත්සම් නිවැරදිව කියනවා නම් එ්වායේ හරය බලන කොට ඒ උදවියගේ මතය තමයි විපක්ෂයේ මතය වෙන්නේ.
මැතිවරණ කොමිසමට හූල් මහතාගේ නම ටීඑන්ඒ සංවිධානය විසින් යෝජනා කරල සුමන්දිරන් මහතා විසින් මේ නම අගමැතිතුමාට ඉදිරිපත් කළා. හූල් මහත්තයා කියන්නේ කාලයක් තිස්සේ විදේශ රටවල්වල ඉඳලා ඩයස්පෝරාවේ නි්‍යාය පත‍්‍රයට අනුව කටයුතු කළ අයෙක්. ඒ න්‍යාය පත‍්‍රයට අනුව තමයි මංගල සමරවීර මහතා හා රනිල් වික‍්‍රමසිංහ මහතා ජීනිවා නුවරට ගිහිල්ලා ඇමරිකාව මෙරටට විරුද්දව ගෙනා ඒ යෝජනාවට සම අනුග‍්‍රහය දක්වලා අපේ රටේ ත‍්‍රස්තවාදී පනත අවලංගු කරන්න හා යුධ අපරාධ පනත් නිර්මාණය කිරීමටයි. මා විසින් එවකට අධිකරණ ඇමැතිවරයා හැටියට අහිතකර අණපනත් සම්මත කිරීම් වළක්වා ගත්තා.
සුමන්දිරන් මහතාගේ මතය හරියි කියන්න හූල් මහතා අධිකරයට පැමිණියා. එහෙම නිවට නියාලූ කෙනෙක් ඉන්න මැතිවරණ කොමිසමක් නිසා අද මුලූ රටම ආරාජික තත්ත්වයට පත්වෙලා. මහාචාර්ය හූල් විපක්ෂයේ කොන්ත‍්‍රාත්කරුවෙක් වී තිබෙනවා.
හූල් විසින් මැතිවරණ කොමිසමේ තීරණවලින් මිදී තනි මතය ජයග‍්‍රහණය කරන්න අධිකරණයට ඉදිරිපත් කළා. ඔහු කියනවා යම්යම් පක්ෂ වලට ඡුන්දය දෙන්න සමහර පක්ෂ වලට ඡුන්දය දෙන්න එපා කියලා. ඊට සභාපතිතුමා කියනවා එම ප‍්‍රකාශය කිසිවෙකුට වාසිදායක හෝ අවාසිදායක නොවන බව. අපි එයාලාට පවරා තියෙන්නේ මැතිවරණ පවත්වන්නයි. මැතිවරණ කොමිසම ආණ්ඩුවට නොවෙයි ද්‍රෝහි වෙන්නේ ඒ රටේ ජනතාවටයිි.
මෑතකදී රත්නජීවන් හූල් මහතා කියා සිටියා සිංහලෙන් කියන කුණූ ගොඩවල් වලට කැමති නැහැ කියලා. අපි මෙම ප‍්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...