දේශීය පුවත්

සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල යැයි ද එම තානාපති කාර්යාලය කියයි.

ඇමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

‘‘අද දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපට පවත්වන්නට නියම කරගෙන තිබූ පෙළපාළියක් අවහිර කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බව අපි දන්නෙමු. එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැත. සෑමවිටකම මෙන් රටේ සිටින තානාපති ආයතන දරන වෑයම් සහ මුහුණු ආවරණ පැළඳීමට නියම කිරීම, මහජන රැස්වීම්වල විශාලත්වය සීමා කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා ඔවුන් විසින් දරනු ලබන අඛණ්ඩ වෑයම් අපි අගය කරන්නෙමු.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More