දේශීය පුවත්

මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි.

ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අද සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බවය.

මනාප අංක සම්බන්ධයෙන් අද (09) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඔහු මාතර දිස්ත්‍රික්ය සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් අංක 08 යටතේ තරග කිරීමට නියමිතව තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය අකාර්යක්ෂම සහ අදූරදර්ශී පාලනයක් බවත්, මාස 06ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය මැනවින් ඔප්පු කර ඇති බවත්, ජාතිවාදය, ආගම්වාදය පතුරුවා හරිමින් මිලිටරිකරණයට රට නතු කරමින් සිටින් බවත්, ඒ හමුවේ රට දැවැන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂය තමන්ගේ කාර්යය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහා ගෙන නොමැතිව කටයුතු කරන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වියයුතු බව අවධාරණය කර සිටි හිටපු අමාත්‍යවරයා, පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය.

මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමු ගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි අවධාරණය කර සිටි මංගල සමරවීර මහතා, අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශිර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බව කියා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More