හෙරොයින් ළඟ තබා ගැනිමේ චෝදනාවට ලක්ව නිරෝධායනය සදහා යොමු කළ පනස් හැවිරිදි පුද්ගලයකු අද (9දා) මහනුවර නිරෝධායන මධ්‍යස්ථානයේදි සිය දිවි හානිකොට ගෙන තිබේ.
සිය සරමෙන් ගෙල සිරකොට එල්ලී මරණයට පත්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට තුන්වන අදියරේ 135 ඒ නිවසේ පදිංචිව සිටි 50 හැවිරිදි සුමිත් අපොන්සු බව පොලිස් පරික්ෂණ මගින් අනාවරණය කර ගෙන ඇත.
ඔහු ගල්කිස්ස අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස දඩුවම් ලැබ නිරෝධායනය සදහා මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය සදහා යොමු කරන ලද සැකකරුවෙකි. මෙම පුද්ගලයා තිස්දෙක කාමරයේ රදවා සිටි අතර අලුයම හතරයි තිහට පමණ මෙම අනතුර කරගෙන ඇති බවට ආරක්ෂක අංශ දැක ඇති බව පැවසේ.
මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි මෙම පුද්ගලයා හෙරොයින් පාවිච්චි කිරිමේ අවස්ථාවන් මග හැරිම මත ඇතිවූ මානසික ආතතිය හේතුවෙන් ඔහු මෙවැන්නක් සිදුකර ගන්නට ඇතැයි පරික්ෂණවලදි සැක කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...