වත්මන් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරන නිලධාරී පිරිසක් මහ බැංකුව ඇතුළේ සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මහ බැංකුවේ සිටින බොහෝ ඉහළ නිලධාරීන්ගේ ඔළු සෑදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවට අවශ්‍ය විදිහට මිස වත්මන් රජය නියෝජනය කරන ස්වදේශික ආර්ථික මොඩලය ගොඩනැගීම සඳහා නොවන බවද ඔහු පවසයි.
වත්මන් මහ බැංකු අධිපතිවරයා හොඳ මහත්මයෙක් වුවද අවශ්‍ය කාර්යය කරන්න බැරිනම් ඔහු ධූරය අතහැර යා යුතු බවද ඇමතිවරයා කියා සිටියේය.
මහ බැංකුවේ සිටින නව ලිබරල්වාදී ආර්ථික මොඩලය ඉහ මුදුනින් පිළිගත් නිලධාරීන් විසින් රජයේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අවුල් කරන බවට ද ඔහු චෝදනා කළේය.
එම නිලධාරීන්ට මෙම ආණ්ඩුව දිරවන්නෙ නැති බවද අද මහබැංකුව ඉතා වගකීම් විරහිත ආයතනයක් බවට පත් වී ඇති බවත් හිටි අඩියේම ගණුදෙනුකරුවන් අනාථ කරමින් ඇතැම් මුල්‍ය ආයතන පවා පවරා ගැනීමට පවා කටයුතු කර ඇතැයි ද ඔහු පැවසීය.
හිරු රූපවාහිනි සලකුණ වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළළෛ්ය.
"මහ බැංකුවේ ඉන්න IMF ඔළු" විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රහාරයක්
"මහ බැංකුවේ ඉන්න IMF ඔළු" විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රහාරයක් සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න >>>>>https://www.youtube.com/watch?v=_Z8-JcGasiM
Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 8. Juni 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...