කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව තමන් ප්‍රකාශ නොකළ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
මැතිවරණ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන තම සංවිධානය කිසිවිටෙක මැතිවරණ එරෙහි වී නැතැයි ද ඔහු පවසයි.
එනිසා ඒ සම්බන්ධයෙන් පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා සඳහන් කරයි.
කොරෝනා වසංගත තත්ත්වය තුළ අනෙක් සියලු කටයුතු සිදුකරන්නේ නම් මැතිවරණය ද එයාකාරයෙන්ම සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්විය යුතු බව තම සංවිධානය ස්ථාවරය බවත් එහි දී ජනතාවගේ ජීවිත අවධානමට ලක් නොවන ආකාරයට එය සිදුකළ යුතු බවත් ඔහු කියා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...