පසුගිය ජනාධිපතිවරණයේදී අනුගමනය කළ ප්‍රතිපත්ති තව දුරටත් අනුගමනය කළ හොත් එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය ද පරාජයට පත් වන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) පැවැති වෘත්තීය සමිති නියෝජිත හමුවේදී පැවැසීය.
2019 වසරේ ගිය පාරේ හෝ ප්‍රතිපත්තිවලට අනුව නොගොස් මෙවර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව කාලයට ඔබින ලෙස යා යුතු බව හෙතෙම කීවේය. ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට සහයෝගය ලබාදුන්න ද එහි අවසන් ප්‍රතිඵලය වුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ 14ක සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීම බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
මීට පෙර එක්සත් ජාතික පක්ෂයට එවැනි පරාජයන් අත්වී නොමැති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙතැනට රැස්වී සිටින්නේ 2020 අපි තරග කරන පාර්ලිමේන්තු මැතිවරණය ගැන සාකච්ඡා කිරීමට බව පැවැසූ පක්ෂ නායකවරයා මෙවර ඡන්දයේදී තරග කරනු ලබන්නේ පිළිගත් පක්ෂ ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බව කීවේය.
කොරෝනා වසංගතයේදී වගකිව යුතු විපක්ෂයක් ලෙස අපි ක්‍රියාකළ ආකාරයට රටේ ජනතාව ප්‍රශසංසා කරනවා. මෙවර මහ මැතිවරණයෙන් දිනන්න අපි ජනාධිපතිවරණයෙදී උගත් පාඩම වටිනවා. 2019 වසරේ ගිය පරණ පාරේ ගියොත් ආපහු දිනන්නේ නැහැ. අපිටත් වෙන්නේ දිගින් දිගටම පරාජයට වෙන්න. ඒ පාරේ යන්න බැහැ. ඒ ප්‍රතිපත්තිවල යන්න බැහැ. අපි අපේ ප්‍රතිපත්ති අනුව මේ කාලයට ඔබින විදියට ඉදිරියට යන්න ඕනේ කියලා තමයි එක්සත් ජාතික පක්ෂය තීරණය කරලා තිබෙන්නේ.
මේ අවස්ථාවට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය නායක රවී කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාර මහත්වරුන්ද එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...