දේශීය පුවත්

හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ පුද්ගලික ලේකම්වරයකුට අයත් බ්ලු ඕෂන් ආයතනයේ නැව් අටක් උපයෝගී කරගෙන නීති විරෝධි අයුරින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම හේතුවෙන් ජී.එස්.පී. සහනය රටට අහිමි වූ බව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක ​සේනාධිපති පැවැසීය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් ඊයේ (8 වැනිදා) ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මෙසේද පැවැසීය.

‘‘හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ පුද්ගලික ලේකම්වරයකු වන දොන් අනුරාධ සෙනෙවිරත්න යන අයට සියයට හැටක් හිමි බ්ලු ඕෂන් නමැති ආයතනයේ නැව් අටකට මාගේ සමාගම මගින් ආරක්ෂාව ලබා ගත්තා. එම නැව්වලින් නීති විරෝධි ආකාරයෙන් මසුන් අල්ලපු නිසා අප ආයතනයෙන් ලබාදුන් ආරක්ෂාව මාස හයකදී අත්හිටුවනු ලැබුවා. ලබාගත් ආරක්ෂාවට සල්ලි ගෙවන්නේ නැතිව මාත් එක්ක ප්‍රශ්නයක් ඇතිවුණා. රාජිත සේනාරත්න ධීවර ඇමැති ලෙස කටයුතු කරන අවධියේදී මෙම නීතිවිරෝධි ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපාරයට අදාළ සහතිකවල පිටපත් මා සතුව තිබෙනවා.

හිටපු ඇමැති රාජිත සේනාරත්න​ගේ අනුමැතිය යටතේ, නිසි ක්‍රමවේදයෙන් තොරව මුහුදේ මාළු අල්ලපු නිසා රටට ජී.එස්.පී. සහනය අහිමි වුණා. රටට ජී.එස්.පී. සහනය නැතිවීමට ප්‍රධාන හේතුව වුණේ රාජිතගේ නීතිවිරෝධි මාළු ඇල්ලීමේ ව්‍යාපාරය බව පැහැදිලිව කිව හැකියි.‘‘

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More