පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09 දා) නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුත-ු මැතිවරණ දිනය ලෙස කලින් මැතිවරණය තැබීමට තීරණය කළ ජුනි මස 20 වැනිදා දිනය යොදා මුද්‍රණය කිරීමට ද ඊයේ (08 දා) රැුස්වූ එම කොමිසම තීරණය කර ඇත.
මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව ඊයේ දිනයේදීත් තීරණයක් ගැනීමට කොමිසමට නොහැකි වූ අතර යළිත් වරක් ලබන 10, 11 හෝ 12 යන දින තුනෙන් එකකදී දිනය තීරණය කරන බව ඊයේ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා කියා සිටියේය.
සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය නිරෝධායන මාර්ගෝපදේශ මාලාව ලබාදුන් දිනයේ සිට දින 60 ත් 70 ත් අතර දිනකදී ඡුන්ද විමසීම සිදු කරන බව ද ඒ මහතා කියා සිටියේය.
ඡුන්ද ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ කරුණු ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඒ මහතා එම නීති කඩකරන අයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ හැකි බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...