යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
කොඩිකාමම් වෙල්ලාම්බොක්කට්ටි ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී නාදුනන පිරිස් එකවරම පැමිණ මෙම පහරදීම සිදු කොට පහරකෑමට ලක් වූ අයෙකු පැමිණි යතුරුපැදියක්ද ගිනිතබා පලා ගොස් ඇත.
තියුණු ආයුදවලින් පහරකෑ තිදෙනෙකු දැඩි කැපුම් තුවාල සහිතව කොඩිකාමම් රෝහලට ඇතුලත් කොට ඇති අතර පහරකෑමට ලක්ව ඇත්තෙ එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි සුරේන්ද්‍රන් වෙනිස්වරන්, එහුගේ පියා වූ 53 හැවිරිදි වේලුපිල්ලේ සුරේන්ද්‍රන් හා 23 හැවිරිදි මහේන්ද්‍රන් අජන්තන් නැමති අයයි.
අදාල පහරදීම සිදුකල පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ආවාකල්ලියේ පහරදීමක් හෝ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් දැයි යන්න සැක සහිත බවට පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...