අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ සියලු වෘත්තීය සමිති නියෝජනය කරන ජාතික විධායක සභා රැස්වීම අතරමග නවතා දැමීමට සිදු විය.
ඊට හේතුවූයේ විධායක සභා සාමාජිකයින්ගෙන් නායකත්වයට මතු වූ විරෝධයයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය ඇතුළු සියලුම වෘත්තීය සමිතිවල ජාතික විධායක සභාව අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විය.
ඒ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
පක්ෂයේ මහලේකම් සහ ජාතික සේවක සංගමයේ සභාපති අකිල විරාජ් කාරියවසම්, පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් රැසක් මේ රැස්වීමට සහභාගි විය.
රනිල් වික්‍රමසිංහ මහතා පිරිස අමතා කළ කතාව අවසන්වීමත් සමග රැස්ව සිටි පිරිස විරෝධය පළ කරන්නට විය.
රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අනතුරුව රැස්වීම අතරමග නවතා එම ස්ථානයෙන් පිටව ගිය අතර විධායක සභා සාමාජිකයින් ද පක්ෂ මූලස්ථානයෙන් පිටව ගියේ දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කරමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...