දේශීය පුවත්

වී මිල රු. 40ට පහත දමා වී ගොවියා 3 කට පත් කොට වී වගාව සහ සහල් කර්මාන්තය වැනසීම සඳහා මිිල පාලන උගුලක් ඇටවූ භාණ්ඩාගාර නිලධාරින්, ජනාධිපතිතුමා විසින් එම කුමන්ත්‍රණය පරාජය කළ පසුව, නැවත වටයකින් පොල් වගාව සහ පොල් කර්මාන්තය වැනසීම සඳහා ආනයනික පොල් තෙල් වලට මහා පරිමාන බදු සහනයක් ලබා දී ඇත.

ආනයනික පොල් තෙල් කි.ග්‍රෑම් 1 කට රු. 295 ක් ලෙස පැවති බද්ද පළමු වටයේදී රු.100 ක් සහ ඉන් පසුව රු. 70 ක් වශයෙන් රු. 170 කින් අඩු කොට එය රු. 125 ක් බවට පත් කොට ඇත.

එසේම ආනයනය කරන ප්‍රමාණය පිළිබඳව සීමාවක් පනවා නැත. ඒ අනුව දැන් වරායෙන් පිටතට පොල් තෙල් බෝතලයක් රු. 240 ක් වැනි මුදලකට ආනයනය කළ හැක.

දැනට ෆාම් තෙල් ආනයනයේ නියුක්ත ප්‍රධාන සමාගම් 02 ක උවමනාව මත සිදුකරන බව කියන මෙම බදු සහන සෙල්ලම මඟින් ඔවුන්ට රු. මිලියන 20,000 ක ලාභයක් ලැබෙන බව ක්ෂේත්‍රය දන්නා විද්වත්හු පවසති. ආනයන්ක පොල්තෙල් වලින් වෙළදපල  පිරුණ විට පොල්මිල පහත වැටී පොල්වගාකරුවන් සහ පොල්තෙල් කර්මාන්තකරුවන් අද වැටෙන බව නොතේරෙන්නේ කාටද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More