දේශීය පුවත්

”මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස රත්නජීවන් හූල්ට පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප‍්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේදී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්. කොටින්ගේ සැඟවුණු මහමොළය ලෙස සමහරු හඳුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.

එක්සත් ජාතික පක්ෂයට කඬේ යන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ලියක් බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡුන්දය ලබා නොදෙන ලෙස ඔහු ප‍්‍රසිද්ධියේ කළ ප‍්‍රකාශයෙන් මැතිවරණ කොමිසම පිළිබඳ විශ්වාසය තවදුරටත් කඩ වන බවයි.

නාරාහේන්පිට දාබරේ මාවතේ ප‍්‍රජාශාලාවේ පෙරේදා (06දා) පැවති ‘ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු’ රැුස්වීම් මාලාවේ පළමුවැන්නාට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් මතුකළ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

”මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස රත්නජීවන් හූල්ට පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප‍්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේදී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්. කොටින්ගේ සැඟවුණු මහමොළය ලෙස සමහරු හඳුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.

මෙවැනි පුද්ගලයකු ස්වාධීන මැතිවරණ කොමිසමට පත් කළේ මොකටද? කාගේ වුවමනාවටදැයි දැන් පැහැදිලියි. රත්නජීවන් හූල් කොමිසම තුළ මේ ක‍්‍රියාත්මක කරන්නේ කාගේ වුවමනාවද? කොටින්ගේ, එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මිස වෙන කිසිවක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව පත් කරපු ස්වාධීන කොමිසම නමට විතරක් ස්වාධීන බව හූල්ගේ මේ ප‍්‍රකාශයෙන්ම තහවුරු වෙනවා. ඒකයි අපි කියන්නේ මේ වගේ කොටි පිල්ලි ඉන්න මැතිවරණ කොමිසමෙන් අපි ස්වාධීනත්වය බලාපොරොත්තුවෙන එක හරියට ඉබ්බන්ගෙන් පිහාටු හොයනවා වගේ වැඩක්.

කටුනායක ගුවන් තොටුපළේ පී.සී.ආර් පරීක්ෂණවලට පෙනී සිටීම ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියකු ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ඔහු රාජතාන්ත‍්‍රික වරප‍්‍රසාදවලට මුවා වී මෙය සිදු කර ඇති බවයි. ඒ පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාලය සම්පූර්ණයෙන්ම වගකීම භාරගත යුතු බවද ඇමැතිවරයා කීවේය. කෙසේ වෙතත් රාජතාන්ත‍්‍රික නිලධාරියා එම ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් නිරෝධායනයට ලක්කරන බව පවසා ඇති බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැඩි ලෙස අවධානය යොමු කර ඇති බවත් පැවසූ ප‍්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් රජය ඉදිරි පියවර ගනිමින් සිටින බව ද අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More