දේශීය පුවත්

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මානසික ආබාධයකට ලක් වූ අයකුගේ හැසිරීමක් පෙන්නුම් කරන බවත් ඔහු අවසන් වශයෙන් මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලූවට ලක්කොට ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

මෙරට ජාතික පුවත්පතකට හා විද්යුත් මාධ්‍ය කිහිපයකට ප්‍රකාශයක් සිදු කරමින් “පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා”  යනුවෙන් සිදු කළ ඔහුගේ අදහස් දැක්වීම දැඩි සේ හෙළා දකිමින් ඊයේ (07) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය දරන අතර මැතිවරණ කල් දමා ගැනීමට උසාවි යන, මහ මැතිවරණය පැවැත්වීම අඩාල කිරීම සඳහා නිරෝධායන නීති කඩමින්, නිරෝධායනයට ලක් කර සිටි තම දියණිය මැතිවරණ කොමිසමේ වාහනයකින් එම ආයතනයට රැගෙන ගිය මෙම තැනැත්තා තම නීතියට පටහැනි හා සදාචාර විරෝධී ක්‍රියවලිය තවදුරටත් ත්‍රීව්‍ර කරමින් ඉහත ප්‍රකාශය සිදුකර ඇති බවට ද ජයන්ත සමරවීර මහතා චෝදනා කළේය.

ස්වාධීන මැතිවරණ කොමිසම ද ඊට සාමාජිකයන් පත් කරන ව්‍යවස්ථාදායක සභාව පමණක් නොව ව්‍යවස්ථාදායක සභාව පත්කරනු ලබන උත්තරීතර පාර්ලිමේන්තුව හා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලූවට ලක් කිරීමට කටයුතු කළ රත්නජීවන් හූල්ට එරෙහිව දැන්වත් නිසි පියවර ගැනීමට ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානී, හිටපු කථානායක කරු ජයසූරිය කටයුතු කළ යුතු බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.

මහ මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ උවමනාවෙන් පෙළෙන, සැමවිටම ශ්‍රී ලංකාව අස්ථාවර කර තම රූකඩයක් කර ගැනීමට මාන බලන රාජ්‍යයට සතුරු කල්ලියේ උවමනාව ඉටු කර දීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇති හූල් එය කෙසේ හෝ තම හාම්පුතාලාට ඉටු කරදීමේ සිහිනයක් දකිමින් සිටින බවත් එය කිසිදා සැබෑ නොවන සිහිනයක් බවට පත් කිරීම මෙරට ප්‍රජාතන්ත්‍ර්‍රවාදය අගයන සැමගේ වගකීමක් බව ද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More