දේශීය පුවත්

මහ මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා තම සංවිධානය සූදානම් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක‍්‍රියාකාරිත්වය (පැෆරල් සංවිධානය) කියයි.

සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස්වලට අනුකූලව කටයුතු කරමින් 5000 කට ආසන්න නිරික්ෂකයන් පිරිසක්  නිරික්ෂණ කටයුතු සදහා යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

මැතිවරණ නිරික්ෂකයන් වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් ද සැකසූ බව කී හෙට්ටිආරච්චි මහතා නිරික්ෂක කණ්ඩායම් සමඟ සෞඛ්‍ය සේවකයන් ද යෙදවීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේය.

විදේශිය නිරික්ෂකයන් කිහිප දෙනෙක් ද යොදා ගැනීමේ බලාපොරොත්තුවක් ඇතැයි කී ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අවසර ලබාගෙන ඔවුන් ගෙන්වා ගන්නා බවත් නිරෝධායන නීති වලට අනුකූලව මෙරටදී නිරෝධායනය වීමට ප‍්‍රමාණවත් කාලයක් ඇතිව ඔවුන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවැසීය.

කෙසේ වෙතත් සෞඛ්‍ය හා නිරෝධායන නීතිවලට අනුගතව නිරික්ෂණ කටයුතු සිදුකිරීමට පැෆරල් සංවිධානය තරයේ කටයුතු කරන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More