ප‍්‍රධාන පුවත්

කොවිඞ් වසංගතය පසුගිය මාස කීපය තුළදී ලෝකය තුළ ආසාදිතයන් මිලියන ගණනින් බිහි කරමින් ලක්ෂ ගණනක් ජීවිතක්ෂයට පත් කරමින් ලෝකයේ සෑම ආර්ථිකයක්ම පාහේ විනාශ කරමින් බංකොලොත්භාවය, ජීවනෝපායන් අහිමිවීම්, ඉතිරිකිරීම් වාෂ්පවීම්, ණය පැහැර හැරීම්, ආර්ථික සහ සමාගම් කඩා වැටීම් සහ විශ්වාසභංගත්වය වපුරමින් ලෝකයම ආක‍්‍රමණය කොට ඇත.

සෞඛ්‍ය කෝණයකින් බලන කල්හි කොවිඞ් වසංගතය සාර්ථකව මුහුණ දුන් එක් රටක් බවට මේ වන විට ශ‍්‍රී ලංකාව ගෞරවයක් ලබා ඇත. ඒ සමගම, ආර්ථික කෝණයකින් විග‍්‍රහ කරන කල්හි ප‍්‍රායෝගික සැලැස්මක් හරහා පවතින ආර්ථික අභියෝගයන්ද නිසි ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් දැන් මතුවී ඇත.

ශ‍්‍රී ලංකා ආර්ථිකයේ ක‍්‍රියාත්මක වෙමින් පවතින සාමාන්‍ය කටයුතු හැරෙන්නට ඉදිරි මාස කීපය තුළදී දියත් කිරීමට අත්‍යවශ්‍ය ක‍්‍රියාවලියන් මෙම ලිපියේ විදහා දක්වා ඇත. ඒවා සාර්ථකව සහ නිවරැදිව දියත් කිරීමෙන් රට සහ ආර්ථිකය නැවත සංවර්ධන මාවතකට යොමු කිරීමට හැකිවේ යැයි මාගේ මතයයි.

අපි ඉදිරිපිට ඇති අභියෝගයන් ඉතා දැවැන්ත ඒවා වන අතර, ඒවා සඳහා විසදුම් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද සැලකිය යුතුය.

යෝජිත ක‍්‍රියාවලියන් මාලාව මෙසේය:

1. විවිධ රටවල මුදල් ඒකකවල වටිනාකම ස්ථාවර කිරීම සහ ජාත්‍යන්තර ගනුදෙනු සහ ආර්ථික ක‍්‍රියාවලියන් අඛණ්ඩව සිදු කිරීම පිණිස, එළැඹෙන වසර දෙක තුළදී, යම් රටක් විසින් ආපසු ගෙවීමට තිබෙන ණය වාරික සහ පොලිය එම කාලය තුළ, කල් දමා ගැනීමට සියලූ නැඟී එන රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ඉල්ලීම් කර ඇත. පශ්චාත් කොවිඞ්-19 වකවානුව තුළදී හටගෙන ඇති ආර්ථික ප‍්‍රශ්න ගෝලීය ප‍්‍රශ්න බවට පත්වී ඇති නිසා, ඒවා විසදීමට ක‍්‍රියාත්මක කළ යුතු ආර්ථික පුනර්ජීවන සැලසුම් ද නිසැකවම ගෝලීය ප‍්‍රයත්නයන් විය යුතු බව මුළු ලෝකයම පාහේ දැන් පිළිගෙන ඇත. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ දියුණු රටවල් රාශියක් මේ අවශ්‍යතාවයට ප‍්‍රසිද්ධවම සහයෝගය පළකොට ඇත. එමේ නම්, ඉදිරි කාලයේදී සකස් කිරීමට නියමිත ගෝලීය ප‍්‍රතිචාරය ශ‍්‍රී ලංකාවට වාසිදායක වන ආකාරයට සකස්කර ගැනීමට ශ‍්‍රී ලංකාව ද උනන්දුවක් ගත යුතුය. ”අපි බලා ඉමු” හෝ ”මෙය ගෝලීය ප‍්‍රශ්නයක් නිසා අපට කළ හැකි දෙයක් නැහැ” යැයි කියමින් ශ‍්‍රී ලංකාව අලස ප‍්‍රතිචාරයක් නොදැක් විය යුතුය. එසේ නොවී මෙම ගෝලීය ණය කල් දැමීමේ (Debt standstill) ප‍්‍රයත්නයට ශ‍්‍රී ලංකාවේ සක‍්‍රීය දායකත්වය ලබා දෙමින් ඒ සඳහා ශ‍්‍රී ලංකාවට වාසි අත්වන ආකාරයට එම වැඩපිළිවෙළ සකස් කිරීමට අප කටයුතු කළ යුතුය.

2. ඉහත කී ආකාරයට ණය විරාමයක් ලබා ගන්නට හැකි වූයේ නම්, ඒ හරහා දැවැන්ත මුදලක් ශ‍්‍රී ලංකාවේ ම ඉතිරි වනු ඇත. එලෙස ඉතිරි වන මුදල පාවිච්චි කරමින් ”සමාගම් රැක ගැනීමේ සහ නැවත පුනර්ජීවන කිරීමේ අරමුදලක්” සහ ”කොවිඞ් ව්‍යසනයෙන් දුර්වල වූ ජන කොටස් වලට සහන ලබාදීමේ අරමුදලක්” රට තුළ පිහිට විය යුතුය. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500 ක පමණ මුදලක්වත් වෙන් කිරීමට රජය ඉලක්ක කළ හැකිය.

4. වසංගතයෙන් පීඩාවට පත්වී ඇති සමාගම් නැවත ප‍්‍රතිසංවිධානය කිරීමට අවශ්‍යවන රුපියල් බිලියන 200 ක පමණ ප‍්‍රාග්ධන අරමුදලක් (Equity Fund) ස්ථාපනය කළ යුතුය. එවන් අරමුදලක් ඒකරාශීකර ගැනීමට ලෝකයේ ප‍්‍රාග්ධන අරමුදල් ඉලක්ක කරමින් ප‍්‍රවර්ධන කටයුතුවල වහා නිරත විය යුතුය. ඒ අතරම, එම ආයෝජන ලබා ගැනීමට සුදුසුකම් තියන, පීඩාවට-පත් ව්‍යාපාර වලට එම අරමුදලෙන් ලබාගත හැකි වන ආයෝජනයේ කොටසක් තමන් ණය රැගෙන ඇති මූල්‍ය ආයතනවලට ගෙවීමට ද කටයුතු කළ යුතුය. එමගින් පීඩාවට පත්වී ඇති එම ආයතනවල ශේෂ පත‍්‍ර ශක්තිමත් වනවාත් සමගම, එම ආයතන තව දුරටත් ණය ලබා ගැනීමට සුදුසු ආයතන බවට පත්වනු ඇත. එමෙන්ම, එම සමාගම්වලට ණය ලබා දුන් මූල්‍ය ආයතනවල මූල්‍යමය ශක්තිය ද මේ ක‍්‍රියාවලිය තුළින් වර්ධනය වනු ඇත.

5. නව නිපැයුම් සහ දැනටමත් ක‍්‍රියාත්මක වන නැඟී එන ව්‍යාපාර සඳහා ”අන්තරායකාරී ප‍්‍රාග්ධන අරමුදලක්” (Venture Capital Fund) හරහා රුපියල් බිලියන 200 ක පමණ (ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක පමණ) ”ආරම්භක ප‍්‍රාග්ධනය අරමුදලක්” (Seed Capital Fund) ස්ථාපනය කළ යුතුය. එසේ කිරීමෙන් නව ව්‍යාපාරිකයන් බිහි කෙරෙන අතරම, නව ජීවනෝපායන් රාශියක්ද ආර්ථිකය තුළ බිහිවනු ඇත. ඒ හරහා මුළු ආර්ථිකයටම නව උත්තේජනයක් සහ ජවයක් ලැබෙනු ඇත.

5. ශ‍්‍රී ලංකා රජයේ සුරැකුම්පත් වෙනුවෙන් නව ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 3,000 ක පමණ ප‍්‍රමාණයක් (රුපියල් බිලියන 570 ක් පමණ) ආකර්ශනය කර ගැනීමට ගෝලීය ප‍්‍රවර්ධන උත්සාහයක් රජය දියත් කළ යුතුය. අද වන විට, ශ‍්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කරවල විදේශීය ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 120 ක පමණ අගයකට අඩුවී තිබුණ ද, 2014 දී එම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 3,400 ක පමණ ප‍්‍රමාණයක් තිබූ බව අප මතක තබාගත යුතුය. මෙයින් පෙනී යන්නේ මෙවන් ආයෝජන සඳහා සැලකිය යුතු අවකාශයක් අද වනවිට ඇති බවය. මේ ආකාරයට විදේශ විනිමය නැවත රට තුළට ගලා ඒමට හැකි වුවහොත්, ශ‍්‍රී ලංකා රුපියලේ අගය සාර්ථක මට්ටමක පවත්වාගෙන යෑමට ද හැකි වනු ඇත.

6. 2020 නොවැම්බර් සිට 2021 මාර්තු අතර ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ චීනය වැනි දියුණු රටවල ශීත සෘතුව ඉලක්ක කරමින් එම රටවල වැඩිහිටි ප‍්‍රජාව සංචාරකයින් වශයෙන් ශ‍්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව දියත් කළ යුතුය. මෙහිදී වැඩිහිටි සංචාරකයින්ට ලබා දිය යුතු පණිවුඩය විය යුත්තේ කොවිඞ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් උෂ්ණත්වයෙන් වැඩි රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට සංචාරය කොට දින 100 ක පමණ කාලයක් මෙහි ගතකරමින්, තමන්ගේ ජීවිත අවධානම සැලකිය යුතු ආකාරයකට අවම කර ගත හැකි බවය. ඒ සමගම, සෑම විදේශ සංචාරකයකු සඳහා කොවිඞ්-19 ආවරණය වන ලෙසට ඇමරිකානු ඩොලර් 50,000 ක රක්ෂණයක් ලබා දීමෙන් එම සංචාරකයන්ට අප රට කෙරෙහි විශ්වසනීයභාවයක්ද ලබා දීමට කටයුතු කළ යුතුය.

7. ශ‍්‍රී ලංකාව තුළට විවිධ බෝග, භාණ්ඩ සහ සේවාවන් ආනයනය කිරීම හරහා ඒවා සඳහා වෙළෙඳපොළක් ශ‍්‍රී ලංකාවේ ඇති බව දැනටමත් තහවුරු වී ඇත. එසේ නම්, එම කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා සඳහා ශ‍්‍රී ලංකා ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා ඉලක්කගත ”ආනයන-ආදේශන” (import-substitution) උපාය මාර්ගයක් ක‍්‍රියාත්මක කළ යුතුය. විදේශ විනිමය ප‍්‍රශ්නය වෙනුවෙන් වඩාත් සුදුසු විසඳුම ‘‘ආනයන සීමා කිරීම” (importrestriction) නොව, ‘‘ආනයන ආදේශනය” බව අප මතක තබා ගත යුතුය. මෙම උපායමාර්ගය සාර්ථකව ක‍්‍රියාවට නැංවීම සඳහා වසර 3 සිට 5 පමණ කාලයක් ගතවිය හැකි අතර, එමගින් ශ‍්‍රී ලංකා සමාගම්වලට වාර්ෂිකව අමතර රුපියල් බිලියන 1,000 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5 ක්) පමණ ස්ථාවර ආදායමක් ලබා ගත හැකැයි අපට ඇස්තමේන්තු කළ හැක. එබැවින්, එවැනි ‘‘ආනයන-ආදේශනය” ව්‍යාපාරවලට මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා රජය විසින් මූල්‍ය ආයතන දිරිමත් කළ යුතු අතර, එසේ කටයුතු කරන ව්‍යවසායකයින් සඳහා බදු දිරි ගැන්වීම් ද ලබා දිය යුතුය.

8. දැනට ජීවත්වීමේ අරගලයට මුහුණ දී සිටින සහ තමන්ගේ ණය ගෙවා ගැනීමේ දැවැන්ත අර්බුධවලට මුහුණ දී සිටින මිලියන 2.6 ක් පමණ වූ සේවක අර්ථසාධක අරමුදල (EPF) සාමාජිකයින්හට නව ‘‘ජීවන බලාපොරොත්තුවක්” ලැබෙන ආකාරයට, තමන්ගේ සේවක අර්ථසාධක අරමුදල ශේෂයෙන් 20% ක් එහි සාමාජිකයින්හටම ඍජුවම ආපසු ලබා දිය යුතුය. එම ක‍්‍රියාවලිය තුළින් රුපියල් බිලියන 2,500 කට අධික සේවක අර්ථසාධක අරමුදලෙන්, රුපියල් බිලියන 500 ක් පමණ මුදලක් සාමාජිකයින් හරහා ආර්ථිකයට මුදා හරිනු ලැබෙන අතර, එය සමස්ත ආර්ථිකයට ද ප‍්‍රයෝජනවත් උත්තේජකයක් වනු ඇත. මෙම උපායමාර්ග අදහස 2020 මාර්තු අග භාගයේදී මෙම ලේඛකයා ප‍්‍රකාශ කිරීමෙන් පසුව, මේ වනවිට ඔස්ටේ‍්‍රලියාවේ සහ ඉන්දියාවේ ක‍්‍රියාත්මක කොට ඇත.

edifea2කොවිඞ් -19 වසංගතයට පසුව සිදු කරනු ලබන සාමූහික මැදිහත්වීම් යම් රටක ආර්ථිකයක දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක පමණ වටිනාකමක්වත් නොගතහොත් ඒවායින් නිසි ඵලයක් ලබාගත නොහැකි යැයි ආර්ථික විශ්ලේෂකයන් විටින් විට පවසා ඇත. ඒ අනුව, රුපියල් බිලියන 15,000 ක පමණ දළ දේශීය නිෂ්පාදිතයක් ඇති ශ‍්‍රී ලංකාව වැනි ආර්ථිකයකට හිතකර බලපෑමක් කරන්නට නම් අවම වශයෙන් රුපියල් බිලියන 1,500 ක් පමණ මැදිහත්වීම් මාලාවක් දියත් කළයුතු බව අප මතක තබා ගත යුතුය. ඊට වඩා අඩු වටිනාකමක් ඇති තාවකාලික පැලැස්තර හෝ සාම්ප‍්‍රදායික මැදිහත්වීම් වලින් ආර්ථිකයට සැලකිය යුතු උත්තේජනයක් ලබා ගත හැකි යැයි අපට බලාපොරොත්තු වීමට අපහසුය.

තවද, ”ණය මත ණය පැටවීම” මගින් අර්බුධයට ලක්ව ඇති ණය ගැතියන්ට තිරසාර සහනයක් නොලැබෙන බව අප අමතක නොකළ යුතුය. බැංකු හා මූල්‍ය සමාගම්වල ක‍්‍රියාකාරීත්වයට බලපෑමක් නොකරන තාවකාලික ණය වාරික අත්හිටුවීමක් කෙටි කාලීන සහනයක් වුවද, එය දිගුකාලීන විසඳුමක් නොවනු ඇත. දිගු කාලීන විසඳුම් ලබා ගත හැක්කේ ඉහත සඳහන් ‘‘කළ යුතු දෑ” ලැයිස්තුවේ (outof the-box) දක්වා ඇති යෝජනා ක‍්‍රියාත්මක කිරීමෙන් බව ද සැලකිය යුතුය.

එමෙන්ම, ඉහත සඳහන්කොට ඇති සියලූ මැදිහත්වීම් එකවර සිදු කළ යුතු බව ද අප මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ අනුව, එක් මැදිහත් වීමක් තවත් මැදිහත් වීමක් පසු පස අනුගමනය කිරීම නොව, ඉහත කී සියලූම මැදිහත්වීම් එකවර ක‍්‍රියාත්මක කළ යුතුය.

මේ අවස්ථාවේදී, ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති අවදානම ඉතා බරපතල එකකි. ඒ නිසා එම අවදානමට මුහුණ දෙන විට, අප විසින් අත්වැරැද්දක් සිදු නොවිය යුතුය. එසේ වුවහොත් එම අතපසුවීමේ ප‍්‍රතිවිපාක දරුණු විය හැකි අතර, මුළු ආර්ථිකයේම පැවැත්ම ද අවදානමට ලක්විය හැකිය. ඒ අනුව, වර්තමාන අභියෝගාත්මක අවස්ථාවේදී පැරණි යල්පැන ගිය අදහස මත විශ්වාසය නොතබා, නැවුම් ක‍්‍රියාමාර්ග ඔස්සේ ශ‍්‍රී ලංකාව ගමන් කළ යුතුය.

ඒ අතරම, මෙම කොවිඞ්-19 පසු ආර්ථික පුනර්ජීවනය සඳහා දැනුම සහ පළපුරුද්ද සහිත, මහඟු කැපවීමකින් යුත් පුද්ගලයකුගේ මඟ පෙන්වීම යටතේ දක්ෂ කණ්ඩායමක් මෙම සැලැස්ම ක‍්‍රියාත්මක කළ යුතුය. එම කණ්ඩායමට ‘‘රාමුවෙන් පිට” (දමඑ-දෙ එයැ-ඉදං) සිතීමේ හැකියාව තිබිය යුතු අතර, පුළුල් සැලසුමක් ඔස්සේ තීරණ ගැනීමට ප‍්‍රතිපත්තිමය අවකාශයක්ද ලබා දිය යුතුය. එසේ කිරීමෙන්, අප රට නැවතත් ස්ථායිභාවය සහ වර්ධනය කරා ගෙන යෑමට හැකි වනු ඇතැයි අපට විශ්වාස කළ හැක.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගෙන් යෝජනා මාලාවක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More