අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම විද්‍යුත් ක්‍රමයට සිදුනොකර සාමාන්‍ය ක්‍රමයට සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පසුගිය සිකුරාදා සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ සිදුවූ බරපතල දෝෂයන් පසුව කථානායකවරයා වෙත මෙම ඉල්ලීම සිදුකළ බවයි.
විද්‍යුත් යන්ත්‍රානුසාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ දොෂය නිවැරදිකොට සහතිකවන තුරු සියලුම අණපනත්වලට අදාළව පාර්ලිමේන්තුවේ සිදුකරනු ලබන ඡන්ද විමසීම සාමාන්‍ය පරිදි සුදුකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ සඳහා කථානායක කරු ජයසුරිය මහතා එකඟතාවය පළකළ බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
පසුගිය සිකුරාදා ඡන්ද විමසීමේදී සිදුවූ දෝෂය ගැන පුර්ණ පරීක්ෂණයක් සිදුකොට ඒ බව දැනුම් දෙන බවත් ඒ සඳහා විද්‍යුත් ක්‍රමය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කළ අදාළ සමාගම සහ නිලධාරීන්ගෙන් කරුණු විමසන බව කථානායකවරයා පැවසු බවද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මීට අමතරව අප්‍රේල් 04 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඡන්ද විමසීමට ලක්කිරීමට නියමිත අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පැවැත්වෙන ක්‍රියාපටිපාටිය හා ස්ුථාවර නියෝගවලට අනුව සිදුවෙන ක්‍රියාවලිය ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙ මස 25 වැනිදා කැඳවා තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ලුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...