ව්‍යාපාරික පුවත්

තෙල් මිල ඉහළට

June 7, 2020 9:54 am | Lanka Lead News

කොරෝනා ව්‍යාප්තිය සමඟ පහත වැටුණු ලෝක වෙළඳපොළේ බොරතෙල් සිල ගත වූ සතිය තුළ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේ ය.

මැයි මස අවසන් සතියේ ඇමරිකානු ඩොලර් 38 ක් පමණ වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 42 යි ශත 30 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර නිෂ්පාදන කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවකට ඔපෙක් සංවිධානය සහ එහි පාර්ශවකරුවන් අද නැවතත් රැස්වීමට නියමිතය.

මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක දිනකට බැරල් මිලියන 9.7ක නිෂ්පාදන කප්පාදුව තවත් මාසයකින් දීර්ඝ කිරීම සඳහා සෞදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් සංවිධානය, රුසියාව ඇතුලු රටවල් සමඟ පසුගිය දින කිහිපය තුළ සාකච්ඡාවල නිරත විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More