දේශීය පුවත්

හෙට (08) දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනය සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව දුම්රිය සහ බස් රථවල මගීන් ගෙනයාමට උපදෙස් ලබා දි ඇති බවයි.

මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ද සැලසුම් කර ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර අත්‍යවශ්‍ය කරුණකට හැර බස් රථවලින් ගමන් කිරීම සීමා කළ යුතු බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේය.

හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට අවසර ලබාදුන්න ද සෞඛ්‍ය නීතිවලට අනුව බස් රථ ධාවනයේ දී ගැටලු මතුවන බව බස් රථහිමියන් පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සදහන් කළේ පවතින තතත්ත්වය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් ගැටලුවකින් තොරව බස් රථ ධාවනය කිරීමට හැකියාව පවතින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More