දේශීය පුවත්

සිය රට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ ගාස්තු අය කිරීමකින් තොරව එරටදීම සිදු කිරීමට ලෙබනන් රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි.

යළි මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සංඛාව බෙහෙවින් වැඩි වී ඇති බැවින් ලෙබනනය ප්‍රපදානය කළ සහනය නිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වෙන බවද එම නිවේදනයේ දැක්වෙයි.

විශේෂයෙන් කොවිඩ් 19 ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින රටවල් ඇතුළු විදේශයන්හි සිට මව්බිමට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ අදාළ රටවලදීම සිදු කොට වාර්තා ලබා ගැනීමේ හැකියාව සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එතෙර දී පරීක්ෂණ කරනුයේ යළි දිවයිනට පැමිණීමෙන් පසුව කෙරෙන පරීක්ෂණයට අමතරවය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බේරුට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනන් විදේශ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස නොමිලේ එරටදී PCR පරීක්ෂණ කිරීමට එකඟත්වය පළ වී ඇති බවද නිවේදනයේ දැක්වෙයි.

මැද පෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

නිරෝධායන සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමේ දී මේ තත්ත්වය අතිරේක ගැටළුවක් බව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය සමඟ පසුගියදා කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මැද පෙරදිග සෙසු රටවල සිට යළි සිය රට එන ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල දී PCR පරීක්ෂණයෙන් පසු ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More