දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ දෙදහස් හාරසියයක් (2400) පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී වැඩි වගකීම් ප්‍රමාණයක් ලබාදී පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.

එසේ සිදු නොකරන නියෝජිතයන්ට කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගැනීමටද තීරණය කර තිබේ.පක්ෂ ව්‍යවස්ථාව කඩ කරමින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කිසියම් මන්ත්‍රීවරයෙක් කටයුතු කරන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ අයකු ජාතික සමගි ජන බලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නාමයෝජනා භාරදී සිටී නම් ඔවුන්ට එරෙහිවද විනය ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කර තිබේ.

මේ අතර වෙනත් පක්ෂවල ප්‍රවර්ධන කටයුතු, මාධ්‍ය සාකච්ඡා ආදී කටයුතු සිදුකළ පළාත් පාලන මන්ත්‍රීවරුන් 50 කට ආසන්න පිරිසක් පිළිබඳව පක්ෂ නායකත්වයට මේ වන විට තොරතුරු ලැබී තිබේ.

එසේ කටයුතු කළ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් නවදෙනකු පක්ෂයෙන් ඉවත් කරන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවැසීය. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු ඇමැති රවි කරුණානායකගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ පක්ෂයේ තීන්දුවට පිටින් ක්‍රියාකරන පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට කෘත්‍යාධිකාරිය තීන්දු කළ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More