දේශීය පුවත්

කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්‍රී ලංකාවට එයි දැයි සැක සහිත බව හිටපු ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පාලනය කරගෙන ඇති කොරෝනා වසංගතය යළි බෝකිරීම සඳහා ඇමෙරිකාව විසින් අදාළ තානාපති නිලධාරියාට කොරෝනා බෝ කර ලංකාවට එවුවේදැයි දැයි තමන් සැක කරන බවද ඔහු පැවසීය.

තමන් එසේ චෝදනා කරන්නේ තමන් ඒ ගැන එතරම් සැක කරන නිසා යයිද ඔහු පවසයි.

ඇමරිකානු වර්තමාන පාලනය අති දක්ෂිණාංශික පාලනයක් බවත් ඔවුන් දැන් සිටින්නේ යුද වියරුවකින් බවත් ඔහු සඳහන් කරයි.

වියානා සම්මුතිය අනුව රාජතාන්ත්‍රික නිලධාරීන්ට වරප්‍රසාද ඇතත් ශිෂ්ට සම්පන්න රටවල් ඒවා ට මුවා වී වෙනත් රටවල නීති උල්ලංඝනය නොකරන බවද ඔහු පැවසුවේ කොළඹදී මාධ්‍ය අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More