දේශීය පුවත්

දත්ත වලට අනුව, මෙම ඖෂධයට Avifavir යන වෙළඳ නාමය ලැබී ඇති අතර, එහි ජාත්‍යන්තර රසායනික නාමය වන්නේ Favipiravir යන්නයි.

Favipiravir යනු ඉන්ෆ්ලුවෙන්සා වලට එරෙහි ප්‍රතිවෛරස් (antiviral drug) ඖෂධයකි. මෙම ඖෂධය සායනික අත්හදාබැලීම් සඳහා යොදාගැනීමට රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපේ‍්‍රල් අග දී වෛද්‍යවරුන්ට අවසර දී තිබුණි. ඒ අනුව රටපුරා කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන 17 කදී මෙම ඖෂධය අත්හදා බලා ඇත. සායනික අත්හදා බැලීම් 20 කට අධික සංඛ්‍යාවක් මෙම ඖෂධය සඳහා කර ඇති අතර එම සියල්ල සාර්ථක වී ඇත.

එම අධ්‍යයනයන්ගෙන් සනාථ වූයේ මෙම ඖෂධය මගින් රෝගී කාලය දින නවයේ සිට දින හතරක් දක්වා අඩු කරගත හැකි බවයි. ඖෂධය 80% කාර්යක්ෂමතාවකින් යුතු බව හා ඉතා ඉහළ ප්‍රතිවෛරස ගුණයකින් යුතු බව පරීක්ෂණ වලදී හෙළි වී ඇත. සෛලයක් තුළ දී වෛරසයට ගුණනය වීමේ හැකියාව අවහිර කිරීම මගින් මෙම ඖෂධය ශරීරය තුල වෛරසය පැතිරීම පාලනය කරයි.

මැයි 6 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානී මිහායිල් මුරෂ්කෝ කියා සිටියේ මෙම අධ්‍යයනයෙන් “ දිරිගන්වන සුළු ප්‍රතිඵල” ලැබී ඇති බවත්, එබැවින් COVID-19 සඳහා ඖෂධයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දීමට අපේක්ෂා කළ කාලය අඩු කිරීමට සෞඛ්‍යය දෙපාර්තමේන්තුව තීරණය කළ බවත්ය. ඒ අනුව ජුනි 11 වන දා සිට Avifavir රුසියාව පුරා රෝහල් වෙත බෙදා දීමට මේ වන විටත් කටයුතු සූදානම් කර තිබේ. පළමු අදියරේ දී ඖෂධ මාත්‍රා 60,000 අදාල වන ලෙස Avifavir රට පුරා බෙදා දෙන බවට විදෙස් වාර්තා වල දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More