පළමු වරට සිව්දින දිවා රාත්‍රි තරග දෙකක්
ලබන ජුනි මස බටහිර ඉන්දීය කොදෙව් හී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ශක්තිමත් ප්‍රවේශයක් එක්කර ගැනීමේ අරමුණින් සිව්කොන් අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලිය සංවිධානය කර ඇත.
වසර ගණනාවකට පසුව සිව්දින පළාත් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම විශේෂත්වයකි. අදාළ තරගාවලිය මෙම මස 30 වැනිදා ආරම්භ වන අතර අප්‍රේල් 24 වැනිදා අවසන් වේ. තරගාවලියට සහභාගි වන කොළඹ පළාත් කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින්ද, ගාල්ල කණ්ඩායම සුරංග ලක්මාල් විසින්ද මහනුවර කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් විසින්ද දඹුල්ල කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින්ද මෙහෙයවනු ලබයි.
බටහිර ඉන්දීය කොදෙව්හිදී රෝස පැහැති පන්දුවෙන් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට සිදුවන බැවින් කණ්ඩායම් හතරටම මෙම සිව්කොන් පළාත් තරගාවලියේදී දිවා රාත්‍රි සිව්දින තරගවලට සහභාගි වීමට සිදුව තිබේ. පළමු දිවා රාත්‍රි සිව්දින තරගය අප්‍රේල් මස 08 වැනිදා දඹුල්ලේදීත් දෙවැන්න එදිනම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...