දේශීය පුවත්

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන ප්‍රබල පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ ආරක්ෂක සැලසුමක් රජය සකස්කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව දැනටමත් එරට සිටින ශ්‍රී ලංකා තානාපති මාර්ගයෙන් එහි සැඟව සිටින ප්‍රබල අපරාධකරුවන්ගේ නාමලේඛනය ඩුබායි ආණ්ඩුවට භාරදීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන මත්කුඩු ජාවාරම, මහා පරිමාණ කප්පම් ලබාගැනීම්, පුද්ගල ඝාතන ඇතුළු අපරාධ බොහොමයක් සැලසුම් කෙරෙන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුවන් අතින් සහ බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායකයන් අතින් බව රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු ලැබි තිබේ.

ඒ අනුව රජය දැනටමත් මෙම කටයුතු සැලසුම් කිරීමට විදේශ රටකින් අධි තාක්ෂණික උපකරණ සපයා ගැනීමට කටයුතු සැලසුම් කර ඇත. වෙනම කාර්යසාධන බළකායක් හා විශේෂ පොලිස් ඒකකයක්ද පාතාල මර්දන කටයුතු සඳහා ස්ථාපිත කර තිබේ. එසේම පාතාල මර්දන මෙහෙයුම් දැඩිකර ඇත. පසුගිය දිනවල සිදුවූ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සියල්ලන්ම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ජනාධිපතිවරයා විසින් මෙම කටයුතු පෞද්ගලිකවම අධීක්ෂණය කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More