දේශීය පුවත්

රාජ්‍ය තාන්ති‍්‍රක සේවයේ නිරත සාමාජිකයන් ශී‍්‍ර ලංකාවට පැමිණීමේදී තමා පිටත් වන රටේදී දින තුනකට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් එසේ ඉදිරිපත් කළ නොහැකි නම් කටුනායක ගුවන්තොටුපළේදී අනිවාර්යයෙන්ම පී.සී.ආර්. පරීක්‍ෂාවකට ලක්විය යුතු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම ශී‍්‍ර ලංකාවට පැමිණෙන තානාපති සේවා ප‍්‍රධානීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ද නිල නිවාසවල ස්වයං නිරෝධායනය කරනු ලබන බවද සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය එසේ නිරෝධායනය අවසන් වූ වහාම තම අමාත්‍යාංශයට දැනුම් දිය යුතු යැයිද ප‍්‍රකාශ කර සිටියි.

යළි සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර දෙවන පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් එම නිරෝධායන කි‍්‍රයා පටිපාටීන් අනුගමනය කරන බවට ඇති එකඟතාවට යටත්ව රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන්ට ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට අනුමැතිය ලබාදෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More