දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ කිරීමට හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී ජීවන් තොණ්ඩමන් මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ බව වාර්තා වෙයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වැදීමට තීරණය කර තිබුණි.

කෙසේවෙතත් ඔහුගේ අභාවයෙන් පසුව පුරප්පාඩු වූ නාමයෝජනාව සඳහා ජීවන් තොණ්ඩමන් මහතා මෙලෙස අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන් සහ නීතිඥ මඩුල්ලක් ඉදිරියේ ඔහු නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

මේ අතර අදාල අත්සන් ලේඛනය මේ දක්වාත් මැතිවරණ කොමිශන් සභාව වෙත ලැබී නොමැති බව ද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

නාමයෝජනා භාරදුන් කිසියම් පුද්ගලයෙකු මියගියහොත් එය කොමිශන් සභාව විසින් පිළිගන්නේ නම් වෙනත් පුද්ගලයෙකු ඒ සදහා නම් කිරීමේ හැකියාව අදාල පක්ෂයට පවතියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More