දේශීය පුවත්

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් මාර්ග උපදේශ මාලාවේ කරුණු ලබන සතියේදී දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් කැඳවා දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ලබන 08 වැනිදා මැතිවරණ කොමිසම රැුස්වී ඡුන්ද විමසීමේ දිනය තීරණය කිරීමට නියමිත අතර ඉන් පසුව පක්‍ෂ ලේකම්වරුන් හමුවන දිනය දැනුම් දෙනු ඇත.

මෙම මාර්ග උපදේශන මාලාවේ දේශපාලන ප‍්‍රචාරක රැස්වීම පැවැත්වීම පක්‍ෂ කාර්යාල පිහිටුවීම, අපේක්‍ෂකයන් ගෙන් ගෙට යෑම, ඡුන්දපළ නියෝජිතයන් පත් කිරීම ආදී කරුණු රැුසක් දේශපාලන පක්‍ෂ වෙනුවෙන් දක්වා ඇති බවත් ඒ පිළිබඳව පක්‍ෂ දැනුවත් කර පක්‍ෂවල අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් කොමිසම කියයි.

එමෙන්ම ඡුන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡුන්ද සලකුණු කිරීම ආදී අවස්ථාවන්හිදී ද සෞඛ්‍ය ආරක්‍ෂණ ක‍්‍රමවේද අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව මාර්ග උපදේශන මාලාවේ අඩංගු කරුණු පිළිබඳව පක්‍ෂ දැනුවත් කිරීමට නියමිතය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More