දේශීය පුවත්

ගුවන්තොටුපළට ඊයේ අලූයම 1.30 ට පමණ ළඟාවූ ගුවන් යානයකින් මෙරටට පැමිණි ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියකු කොරෝනා වෛරසය හමුවේ සිදු කෙරෙන පී. සී. ආර්. පරීක්ෂණයට පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කර පිටව ගොස් තිබේ.

රාජතාන්ත‍්‍රික වරප‍්‍රසාද යටතේ ඔහු එසේ ගුවන්තොටුපළින් පිටව ගොස් ඇත.  තානාපති වරප‍්‍රසාද යටතේ පැමිණෙන මෙවන් නිලධාරීන් අදාළ තනාපති කාර්යාල මගින් නිරෝධායනට ලක් කරන බව විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

එසේ නිරෝධායන ලක්කිරීමෙන් පසු පීසීආර් පරීක්ෂණයක් සිදුකර එම වාර්තාව රහස්‍ය වාර්තාවක් ලෙස විදේශ තානාපති කාර්යාල මඟින් විදේශ අමාත්‍යංශයට ඉදිරිපත් කිරීම ක‍්‍රියාත්මක ක‍්‍රමවේදය වී ඇත.

මේ අතර ඊයේ (04 වැනිදා* සවස් වන විට තවත් කොරෝනා රෝගීන් 33 දෙනකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1782 දක්වා ඉහළ ගොස් තිබිණි.

මෙසේ අලූතින් වාර්තා වූ රෝගීන් තිස්තුන් දෙනාම නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝගීව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටී රෝගීන් 839 දෙනකු ඊයේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබූ අතර තවත් රෝගීහු 932 දෙනෙක් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහල්ගතව සිටියහ.

මෙරට දී කොරෝනා වෛරසය ආසාදනය වී මේ දක්වා මරණයට පත් වූ සංඛ්‍යාව 11 කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More