විදේශ පුවත්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් සමඟ මාස දහයක කාලයක්‌ පුරා ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව තවත් ඇමරිකානු ප්ලෙබෝයි නිරූපිකාවක්‌ වන කැරත්මැක්‌ඩොගල් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කර තිබෙනවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රථම වරට ඔහු සමඟ ලිංගිකව එක්‌ වූ දිනයේ ට්‍රම්ප් තමන්ට මුදල් දීමට උත්සාහ කළ බවත් තමා එවැනි කාන්තාවක නොවන බව තමන් ට්‍රම්ප්ට පැවැසූ බවත් ඇය හෙළි කළා.

තමන් ට්‍රම්ප් ගේ වැඩිමහල් දියණිය මෙන් සුන්දර බව ට්‍රම්ප් නිතරම පැවැසූ බව ද මැක්‌ඩොගල් සඳහන් කර තිබේ.

සෑම මසකම අඩුම තරමින් පස්‌ වතාවක්‌වත් ට්‍රම්ප් හා තමන් හමු වූ බවත්, ඇතැම් මාසවල ඊට වඩා වැඩි අවස්‌ථාවන් ගණනක්‌ හමු වූ බවත් ඇය සඳහන් කර ඇත.

ට්‍රම්ප් ඔහුගේ බිරිඳ හැර ආශ්‍රය කළේ තමන් පමණක්‌ බව එකල සිතා සිටියත් ට්‍රම්ප් කාන්තාවන් ගණනාවක්‌ සමඟ සබඳතා පැවැත්වූ බව මේ වනවිට හෙළිවී ඇතැයි ඇය පවසා තිබේ.

පසුගිය ජනාධිපති වරණයේදී තමා ට්‍රම්ප්ට ඡන්දය භාවිත කළ බව පැවැසූ ඇය කෙසේ වෙතත් ට්‍රම්ප් සමඟ පැවැත්වූ සබඳතාව ගැන දැන් කනගාටු වන බව ද පැවැසුවා.

මේ සම්බන්ධයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ ධවල මන්දිරය හෝ මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More