දේශීය පුවත්

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂී ලබා දීමට ඇවන්ට් ගාර්ඩ් නිර්මාතෘ නිශ්ශංක සේනාධිපති අද කටයුතු ක‍ළේය.

මෙහිදී නීත්‍යානූකූල වූ සිය සමාගම දේශපාලන පලීගැනීමක් ලෙස පසුගිය යහපාලන රජය සහ එම රජයට සම්බන්ධව කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව ඔහු කොමිසම හමුවේ හෙළි කළේය.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් පාඩු සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව නිශ්ශංක සේනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව නිශ්ශංක සේනාධිපති විසින් ප්‍රකාශ කළේ සිය ව්‍යාපාරය විනාශ කර දැමීම සඳහා යම් කිසි දේශපාලන අරමුණක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ විශේෂයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන හිටපු ඇමතිවරුන් සමග කටයුතු කළ බවය.

එහිදී නිශ්ශංක සේනාධිපති ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට ප්‍රසිද්ධ විවාදයක් සඳහා අභියෝගයක් සිදු කළා. ජවිපෙ නායකයා විසින් සිදු කළ සියලු වංචාවන්ගේ සඳහා සාක්ෂි තමන් සතුව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More