ප‍්‍රධාන පුවත්

එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුය යන මතයේ තවමත් තමන් සිටින බව ද විශ්වාසභංග ඡන්ද විමසීමේදී තීරණාත්මක පිළිතුරක්‌ ලබාදීමට සූදානමින් සිටින බවද රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පැවැසීය.

තමා මෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්වී තිබෙන දෝෂාභියෝගය කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවන බවත් අවශ්‍ය අවස්‌ථාවේ ඔවුන් නිවැරදි තීරණයක්‌ ගනු ඇති බවත් රංගේ බණ්‌ඩාර මහතා කියා සිටියේය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ජනප්‍රියත්වය ගම් මට්‌ටමින් ඉතාම පහළ මට්‌ටමකට වැටී ඇති බව ද පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මේ තත්ත්වය ඇතිවීමට අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බව ද කීය

රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා මේ බව කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් කුමන ස්‌ථාවරයක පසුවන්නේදැයි කළ විමසීමකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More