දේශීය පුවත්

පක්ෂ විනය කඩකල මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් 08 දෙනෙක් ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගැනේ.

පසුගිය 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ පත්කරනු ලැබූ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය එසේ අත්හිටුවීමට තීරණය වී තිබේ.

ඊට අදාළ ලිපි ඊයේ (03) දිනය තුළදීම අදාළ මන්ත්‍රීවරුන් වෙත යැවීමට පියවර ගෙන ඇතිබව සිරිකොත ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඊයේ ( 03 ) දින පෙරවරුවේ සමගි ජන බලවේගය විසින් කැඳවනු ලැබූ මාධ්‍ය හමුවක් සඳහා පෙනී සිටිමින් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම සහ කටයුතු කිරීම නිසාවෙන් මෙම පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවීමට පක්ෂය තීරණය කල බව සිරිකොත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි . මෙහිදී අදාළ මන්ත්‍රීවරුන් විසින් පක්ෂ ව්‍යවස්ථාවේ 3.3 ( අ ) 3.3 ( ආ ) 3.3 ( ඇ ) 3.4 ( අ ) 3.4 ( ආ ) 3.4 ( ඈ ) සහ 3.4 ( ඉ ) වගන්ති උල්ලංගණය කර ඇතිබව මහලේකම් වරයා විසින් ඔවුනට යොමුකර ඇති ලිපියේ සදහන් වේ.

රුවන් ජයසිංහ, මයිකල් පෙරේරා, ජීවන් රබෙල්, උපුල් ඉන්දික, ඉනොජා මුණසිංහ, රාහුල් පෙරේරා, වසන්ත මාසකෝරාළ සහ ධනුෂ්ක රාමනායක යන මහත්ම මහත්මීන් සම්බන්දයෙන් මෙලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත .

මේ සම්බන්දයෙන් නිදහසට කරුණු ඇත්නම් ඉදිරිපත්කිරීමට අදාළ මන්ත්‍රීවරුනට ජුනි 12 දින දක්වා කල් ලබාදී ඇති අතර එහිදී ඔවුන් විසින් නිදහසට ඉදිරිපත් කරන කරුනුත්, අදාළ පැමිණිල්ලත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කොට ඉදිරි විනය පියවර ගැනීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More